
 Sri Lanka Elle
Sri Lanka ElleHistory Sport of Sri Lanka Elle
|  | 
 |  | 
|---|
               එල්ලේ ක්‍රීඩාවේ ඉතිහාසය
                   කවදා, කොතනකදි,කවුරැන් විසින් ආරම්භයට මුල පුරා ඇත්දැයි සදහන්ව නැතත් ශ්‍රී ලංකාවේ ඈත අතීත මුතුන් මිත්තන්ගේ ආභාෂය මත ඔවුන් විසින් ආරම්භ කරන ලද ක්‍රීඩාවක් වශයෙන් හදුන්වා දීමට හැකියාවක් ඇත.
                   කෘෂිකර්මාන්තයෙන් දිවිපෙවත ගෙවා දමන ලද ගොවි ජනතාව තම අස්වනු නෙලා ගන්නා ලද කාලසිමාවෙන් පසුව ඊලග කන්නයේ කුඹුරැ යලි අස්වද්න තෙක් ලැබෙනන්නාවු විවේක කාලය තම බිරින්දැවරුන් දුවා දරුවන් ඥාතිමිත්‍රාදීන් මෙන්ම අසල්වැසි ගම්වැසියන් සමග සහයෝගයෙන් දිවිපෙවෙත ගත කිරිම සදහා මෙම ක්‍රිඩාව උපයෝගි කර ගන්නා ලද බව කියැවෙයි.
                   එසේම අස්වැන්න නෙලා ගැනීමෙන් අනතුරැව වෙල්යාය තුල එකමුතුව එල්ලේ ක්‍රිඩා කරනු ලබන අතර එම කණ්ඩායම සදහා කාන්තාවන් ලමයින් මෙන්ම තම තමන් ඥාතින්ද එකමුතව කණ්ඩායම් කිහිපයක් සාදා ගැනිමෙන් අනතුරැව තරගයන් පැවැත්විම කරනු ලබයි. එසේ ගම තුල සෑදුන කණ්ඩායම් අතරින් දක්ෂතම කණ්ඩායම පිලිගනිමින් උත්සවයන්ද සංවිධානය කර ඇත.සියලුම කණ්ඩායම්හි සිටින දක්ෂ තරැණ කොටස් එකමුතු කරමින් එම ගම්මානය තුල එල්ලේ කණ්ඩායමක් සකස් කර ගැනීමද දක්ෂතම තරැණ ක්‍රීඩකයා කණ්ඩායම් නායකයා වශයෙන් නම් කිරිමෙන් අනතුරැව අසල්වැසි ගම්මානයන්හි මෙම ආකාරයටම සාදාගන්නා ලද කණ්ඩායම සමග තරගයන් පැවැත්විමට කටයුතු කරනු ඇත. එසේ තරගයන් පවත්වනු ලබන්නේ අසල්වැසි ගම්මානයන් සමග එකමුතුව වැඩ කිරිමේ අදහස පෙරදැරි කරගෙනය. මෙම ක්‍රමය 1960 - 1980 දක්වා පැවති අතර එය ක්‍රමක් ක්‍රමයෙන් හින වි ගොස් ඇතත් වර්ථමානයේ පවා කුඹුරැ අස්වනු නෙලාගන්නා කාලයට තරැණ කොටස් එකමුතුව පැරණි මුතුන් මිත්තන් අනුගමනය තරමින් එල්ලේ තරග පවත්වනු සැම ශ්‍රි ලාංකිකයෙකුම දැක ඇත.එහෙත් එය එදා මෙන් නොවිම විශේෂත්වයකි.
                   ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය ආරම්භවිමෙන් අනතුරැව එල්ලේ ක්‍රිඩාව සදහා නව නිති මාලාවක් සකස්කර එල්ලේ ක්‍රීඩාවේ දියුනුව පිනිස එම නිති හා රිති මාලාව සිංහලෙන් සහ ඉංග්‍රීරීසියෙන් මුද්‍රනය කොට එල්ලේ ක්‍රිඩාසමාජයන් අතරට ලබාදී ඇත.
                   එල්ලේ ක්‍රීඩාවේ ගුණාංගයන්
                   එල්ලය බලා වේගයෙන් පහර එල්ල කිරිමේ හැකියාව.
                   ඉතා ඉහලින් එන උඩපන්දුවක් නිවරදි ලෙස රැක ගැනීමේ හැකියාව.
                   පොළවට සමාන්තරව සහ වේගයෙන් බිම දිගේ එන පන්දුවක් නිවරදි ලෙස රැක ගැනීම හැකියාව.
                   ඉතා දුරක සිට කඩඉම් දක්වා ප්‍රදේශයට පන්දුව නිවරදිව යොමු කිරිමට ඇති හැකියාව.
                   වේගයෙන් ධාවනයේ යෙදීමේ හැකියාව.
                   ධාවනයේ යෙදෙන ක්‍රීඩකයෙකුහට පන්දුවෙන් නිවරදිව එල්ලයට පහර එල්ල කොට දවා ගැනීමේ හැකියාව.
                 ධාවනයේ යෙදෙන අවශ්ථාවකදී විරැද්ධ පිලෙන් එල්ල කරනු ලබන ප්‍රහාරයෙන් බේරි වටයක් ලබා ගැනිමට ඇති හැකියාව.
එල්ලේ තරග මාදිලි
                   එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු පහක් බැගින් පිරිනමනු ලබන ඉනිම් දෙකේ එල්ලේ තරග.
                   එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු තුනක් බැගින් පිරිනමනු ලබන ඉනිම් දෙකේ එල්ලේ තරග.
                   එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු පහක් බැගින් පිරිනමනු ලබන ඉනිම් එකේ එල්ලේ තරග.
                   එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු තුනක් බැගින් පිරිනමනු ලබන ඉනිම් එකේ එල්ලේ තරග.
                   එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු එකක් බැගින් පිරිනමනු ලබන ඉනිම් එකේ එල්ලේ තරග.
                   එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු එකක් බැගින් පිරිනමනු ලබන පන්දු හතලිහකට(40) සිමාවු සීමිත පන්දුවාර එල්ලේ තරග.
                   එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු දෙකක් බැගින් පිරිනමනු ලබන පන්දු හතලිහකට(40) සිමාවු සීමිත පන්දුවාර එල්ලේ තරග.
                   එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු එකක් බැගින් පිරිනමනු ලබන පන්දු හතලිහකට අඩු(40ට අඩු) සිමාවු සීමිත පන්දුවාර එල්ලේ තරග.එහෙත් මෙම තරග පන්දුවාර පහලොවකට (15) වඩා අඩුකරමින් පැවැත්විම නොකල යුතුය.
                   ක්‍රීඩා පිටිය
                   එල්ලේ ක්‍රඩකයෙකුගේ මූලික අරමුණ සහ ඔහු පුරැදු පුහුණු වන්නේ බෝලයට එල්ලය බලා වේගයෙන් ප්‍රහාරයක් එල්ල කොට ඉතා ඈතකට පන්දුව යැවීමට සලස්වා වටයක් ලබා ගැනිම බැවින්ද, ක්‍රිඩකයින් දහසය දෙනකු පන්දු පිටියේ පන්දු රැකීමට නියමිත බැවින් සහ වටයක් ලබා ගැනීම සදහා අඩි දෙසීය විස්සක වට ප්‍රමාණයක් සම්පූර්ණ කලයුතු බැවින් එල්ලේ ක්‍රීඩා කිරිම සදහා මීටර් දෙසීය පනහත් (250) මීටර් තුන්සියයක (300) පමණ වන විවෘත ක්‍රීඩා පිටියක් ඉතා යෝග්‍ය වන්නේය.
                   එහෙත් ඉඩ පහසුකම් එල්ලේ ක්‍රිඩාවට නොමැති බැවින්ද,සෑම දිස්ත්‍රික්කයකම පාහේ එල්ලේ කණ්ඩායම් බිහිවී ඇති බැවින්ද විවෘත නොවු කුඩා ක්‍රිඩාංගනයන් තුලදී එල්ලේ ක්‍රීඩා කිරිම කරනු ලබතත් එම ක්‍රිඩාංගනයන්හිදී පවත්වන තරගයන්හි නියමාකාරයෙන් දක්ෂ ක්‍රිඩකයෙකු සොයා ගැනිමට අපහසු වනවා මෙන්ම දක්‍ෂ ක්‍රිඩකයින් බිහි නොවීමටද බොහෝ දුරට ඉඩ ඇත. එබැවින් එල්ලේ ක්‍රීඩා කිරිමට ඉතා යෝග්‍ය වන්නේ මීටර් දෙසීය පනහත්(250)මීටර් තුන්සියයක(300)පමණ වන විවෘත ක්‍රීඩා පිටියකි.
                   ක්‍රීඩා පිටිය සකස්කර ගන්නා ආකාරය
                   දැවුම් කණු දෙක
                   අඩ කවය
                   නැවතුම් කනු
            
ප්‍රධාන තරගයන් සදහා
                   දැවුම් කණු දෙක අතර දුර ප්‍රමාණය මීටර් විසිහතරක්(මීටර් 24 )විය යුතුය.එම දුර ප්‍රමාණය පැහැදිලිව දර්ශණය වන පරිදි අළුහුණු යොදා සුදු පාටින් සලකුණු කල යුතුය.
                   දැවුම් කනුවක උස පොළව මට්ටමේ සිට මීටර් දහයක්(10) විය යුතුයි.
                   දැවුම් කණු දෙක හරි මැද පන්දුවට පහර දෙන්නාට පන්දුවට පහර එල්ල කිරිමට අඩ කවයක් තිබිය යුතු අතර එම අඩ කවයේ හරි මැද සිට විශ්කම්භය මීටර් එකහමාරක්(මීටර් 1.5 ක්)එක් පැත්තකට විය යුතුය.එම දුර ප්‍රමාණය හා අඩකවය පැහැදිලිව දර්ශණය වන පරිදි අළුහුණු යොදා සුදු පාටින් සලකුණු කල යුතුය.
                 පන්දුවට පහර දෙන්නා ස්ථාන ගතව පහර දෙනු ලබන අඩකවයේ හරි මැද සිට වම්පස දැවුම් කනුව දක්වා මීටර් දොළහක්(මීටර් 12 )ක් විය යුතුය.එසේම දකුණු පස දැවුම් කණුවටද අඩකවයේ හරි මැද සිට මීටර් දොළහක්(මීටර් 12 )ක් විය යුතුය.
දුර ප්‍රමාණය පැහැදිලිව දර්ශණය වන පරිදි අළුහුණු යොදා සුදු පාටින් සලකුණු කල යුතුය.
                   පන්දුවට පහර දෙන්නා පන්දුවට පහර එල්ල කරන අඩකවයේ හරි මැද සිට පන්දුව යොමු කරන්නා අතර දුර ප්‍රමානය මීටර් දොළහක්(මීටර් 12)කි.එම ස්ථානය අඩි එකහමාරක වට රව්මක් ඇද එයද පැහැදිලිව දර්ශණය වන පරිදි අළුහුණු යොදා සලකුණු කල යුතුය.
                   පන්දුව එවන්නාගේ වටරවුමේ හරි මැද සිට පළමුවන නැවතුමේ පිටත සිටුවා ඇති කොඩි කණුවේ පොළව මට්ටමට දුර ප්‍රමාණය මීටර් දොළහකි (මීටර්12)කි.එම කොඩි කණුවේ පොළව මට්ටමේ සිට පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයාගේ දකුණු අත දැවුම් කනුව දක්වා වූ දුර ප්‍රමානයද මීටර් දොළහකි (මීටර්12). එම රේඛාවද පැහැදිලිව දර්ශණය වන පරිදි අළුහුණු යොදා සලකුණු කල යුතුය.
                   පන්දුව එවන්නාගේ වටරවුමේ හරි මැද සිට දෙවන නැවතුමේ පිටත සිටුවා ඇති කොඩි කණුවේ පොළව මට්ටමට දුර ප්‍රමාණය (මීටර් 12 )කි. එම රේඛාව පැහැදිලිව දර්ශණය වන පරිදි අළුහුණු යොදා සලකුණු නොකල යුතුය.එසේම එම කොඩි කණුවේ පොළව මට්ටමේ සිට පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා සිටින අඩකවයේ හරි මැදට දුර ප්‍රමානය මීටර් විසිහතර (මීටර් 24)කි. එම මිටර් විසිහතරක දුර ප්‍රමාණයෙන් අළුහුණු යොදා දර්ශනය වන පරිදි සකස් කල යුත්තේ පන්දුවට පහර දෙන්නා පන්දුවට පහර එල්ල කරන අඩකවයේ හරි මැද සිට පන්දුව යොමු කරන්නා අතර දුර ප්‍රමාණය වු මිටර් දොළහක (මීටර් 12) ප්‍රමානය පමණි.                   පන්දුව එවන්නාගේ වටරවුමේ හරි මැද සිට තෙවන නැවතුමේ පිටත සිටුවා ඇති කොඩි කණුවේ පොළව මට්ටමට දුර ප්‍රමාණය මීටර් දොළහකි(මීටර් 12)කි.එම කොඩි කණුවේ පොළව මට්ටමේ සිට පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයාගේ වම් අත දැවුම් කනුව දක්වා වූ දුර ප්‍රමානයද මීටර් දොළහකි (මීටර්12). එම රේඛාවද පැහැදිලිව දර්ශණය වන පරිදි අළුහුණු යොදා සලකුණු කල යුතුය.
                   පන්දුවට පහර එල්ල කරන කණ්ඩායමේ පන්දුවට පහර එල්ල කරනු ලබන ක්‍රීඩකයා හැර අනෙකුත් ක්‍රීඩකයින්හට රැදී සිටිම සදහා දකුණු පස දැවුම් කනුවේ සිට මිටර් පහක් පිටුපසින් මීටර් පහක් දිග මීටර් පහක් පළල වූ හරි හතරැස් කොටුවක් අළුහුණු යොදා සකස් කල යුතුය.
                   පාසැල් තරගයන් සදහා
                 අන්තර් සමාජ හා ආයතන එල්ලේ තරගමාලාවන් මෙන් නොව පාසැල් ක්‍රීඩා තරගයන් සදහා ක්‍රිඩා පිටිය මදක් කුඩාවන අතර අනෙක් සියලුම දෙයක්ම සහ නිති රිතින් ඒ ආකාරයෙන්ම බළපැවැත්වේ. එල්ලේ ක්‍රිඩා පිටියේ දුර අන්තර් සමාජ හා ආයතන එල්ලේ තරගයන් සදහා මිටර් දොළහක් වුවද පාසැල් ක්‍රිඩා තරගයන් සදහා මීටර් එකොළහකි.
 එල්ලේ උපකරණ සහ උපාංග
එල්ලේ උපකරණ සහ උපාංග
                   පිත්ත
                   එල්ලේ පිත්ත සදහා එල්ලේ ක්‍රීඩාව ආරම්භයේ පටන් ක්‍රීඩා කිරිම සදහා ගෙන ඇත්තේ ඒ ඒ පරිසරය අවටින් සොයා ගත හැකි දේවල්ය. ඒ අනුව කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවන ලද අයවලුන්, සාමාන්‍ය ගම්බද පදේශය තුල සහ නාගරික සාමාන්‍ය ජනතාව ජිවත්වු පදේශය වෙතින් මෙන්ම ධීවර ජනතාව ජීවත්වු මුහුදුබඩ ආශ්‍රිත ඒ අවටින් සොයා ගත හැකි මුගුරැ කැබැල්ලක්, ගසක අතු කැබැල්ලක්, උපයෝගි කර ගනිමින් මෙම ක්‍රිඩාවේ යෙදී ඇත. එසේ ක්‍රමක් ක්‍රමයෙන් පැමිණි එල්ලේ ක්‍රිඩාව 19 වන ශත වර්ෂය වන විට පොල්ගසේ අත්ත උපයෝගී කර ගනිමින් කපා ගන්නා කොටසක්ද,කිතුල් ගසේ අත්තකින් කපා ගන්නා අතු කැබැල්ලකින් මෙන්ම වෙල්යාය පූරා දක්නට ලැබෙන උණ ගසේ උණ බට කොටසක් ගෙන ක්‍රීඩාවේ යෙදි ඇත.ඉන් වඩාත්ම සිත් ගන්නාවු පිත්ත ලෙසත්,එල්ලේ ක්‍රීඩාවට උචිතම පිත්ත වශයෙන් අවභෝධ වු බැවින් උණ බම්බුව තෝරා ගත් අතීත මුතුන් මුත්තන්ගේ ආකාරයටම වර්ථමානයේදී පවා දක්නට ලැබේ.
            කෙසේ වෙතත් ලොව බිහිව ඇති අනෙකුත් ක්‍රිඩාවන් මෙම ක්‍රිඩාවට වසර සිය දහස් ගනනකට පසුව නිර්මානය වී වර්ථමානයේ මුළු ලොව පුරා ජනප්‍රීයව ඇති අතර එල්ලේ ක්‍රීඩාව මන්දගාමීව ගමන් කරනු ලබන බවට කදිම නිදසුන් වන්නේද එයමය.
පන්දුව
                   එලලේ ක්‍රිඩාව ආරම්භයේදි ඒ සදහා නිර්මානය වු විශේෂ පන්දුවක් නොතිබු අතර ඒ ඒ පලාත් අනුව සොයා ගත හැකි පන්දු උපයෝගීකර ගනිමින් එල්ලේ ක්‍රිඩාවේ යෙදි ඇති අතර මුහුදුබඩ ජනතාව ඒ අවටින් ක්‍රිඩා කිරිමට හැකි පන්දුත්,නාගරික සාමාන්‍ය පංතියේ ජනතාව විසින් ඒ අවටින් සොයා ගත හැකි පන්දුත්, කෘෂිකර්මාන්තයෙන් දිවිපෙවෙත ගෙවාදැමු අයවලුන් ඒ අවටින් සොයා ගතහැකි පන්දුත් උපයෝගී කරගෙන මෙම ක්‍රිඩාවේ යෙදුන බව පැරන්නන්ගේ මතයයි.
                   මුතුන් මිත්තන් විසින් එල්ලේ ක්‍රිඩාව සදහා භාවිතා කරන ලද වියළුන කදුරු ගෙඩිය.
                   ඒ අනුව කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවන ලද අයවලුන් ඒ අවටින් සොයා ගත හැකි වියලි වෙල් කදුරැ ගෙඩිද, සාමාන්‍ය ගම්බද පදේශය තුල සහ නාගරික සාමාන්‍ය ජනතාව ජිවත්වු පදේශය වෙතින් ඔට්ටුපාලු වලින් හා කොළ කැබලි වලින් ඔතා ගන්නා ලද බෝලත් ධීවර ජනතාව ජීවත්වු මුහුදුබඩ ආශ්‍රිත ප්‍රෙද්ශයන් වෙතින් සොයා ගතහැකි ද්‍රව්‍ය හා ගෙඩි වර්ග උපයොාගි කර ගනිමින් මෙම ක්‍රිඩාවේ යෙදී ඇත. ජේ පි ජයසිංහ මහතා විසින් 1963 දි ලියා ඇති එල්ලේ ක්‍රීඩාවට මග යන පොතේද ඒ බව සදහන් කර ඇත.
                   ඉන් අනතුරැව ටිකින් ටික කාර්මික දියුණුව ලොව පුරා පැතිර යද්දී රබර් බෝල සහ ප්ලාස්ටික් බෝල ශ්‍රී ලංකාව තුලට මෙන්ම ශ්‍රි ලංකාව තුල නිෂ්පාදනයන් ඇරඹීමත් සමග ඒවාට හුරැ පුරැදු වෙමින් තම ක්‍රිඩාවේ යෙදී ඇත. කෙසේ වුවද එල්ලේ සංගමය බිහිවිමත් සමග එම පන්දුද ක්‍රම ක්‍රමයෙන් වෙනස් වීමට පටන් ගන්නා ලදි. ප්ලාස්ටික් බෝලයන් විශේෂයෙන් යොදා ගනු ලැබූයේ ක්‍රීඩාංගනයන් නොමැති ප්‍රෙද්ශයන් වලය.
පන්දු රැකීමේදී ඉතා වැදගත් පන්දු රකින්නෙකු වශයෙන් හදුන්වා දිමට හැක.කණ්ඩායමේ සිටින දක්ෂතම ක්‍රීඩකයෙකු මේ සදහා නම්කරනු ලබයි.මෙම ක්‍රීඩකයාගේ ක්‍රීඩා කරන ප්‍රධාන සීමාව වනුයේ පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයාගේ පිටුපස ප්‍රධාන දැවුම් කනු දෙකට පිටුපස කොටසය.එහෙත් පහර එල්ල කරන ක්‍රීඩකයා විසින් පන්දුවට පහර එල්ල කල පසු ඉන් ඉදිරියට ගොස් පන්දුව ආරක්ෂා කිරිමටත් පන්දුව රැගෙන දිවයන ක්‍රීඩකයෙකුහට පහර දීමටත් අවසර ඇත.
.
| 01 | 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
|---|
| 
 |  |  | 
|---|
| 01 | 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
|---|
MATERIALS
(1) EllE BAMBOO (BAT)
  

The ELLE bat should be made out from well  seasoned bamboo and the length and breadth of the Bat can be in accordance with  the requirements of the Striker or the player. Its circumference should not be  changed under any circumstances. However, the Elle Bat could be bound with  material without using any metal in order to protect it from breaking or  damaging.
(2) BALL 
      





     Until such time a special ball is specifically  made for ELLE Tennis balls may be used. The fur on the ball could be  removed/shaved before use but removing of fur to make the rubber visible is  strictly prohibited. A rubber ball or another light ball could be used instead  of a Tennis Ball but it is of paramount importance that the ball used should be  common to both teams.
3) EQUIPMENT USED IN THE PLAYING ARES

 Two posts ten (10) meters in height  similar to a Bamboo Tree, six posts (2) centimeters in breadth and1 Meter in  height and eight flags to be tied to the end of the posts. (The height of posts  from ground level should be 1 meter)
(4) PLAY
       (1) In a match where the  Winners and losers are to be found, the  maximum number of Players to a team is Sixteen (16), and minimum  being Twelve (12). The lesser number of players in a team does not make the  number of players to be restricted for the same number in the opposing team.  The balance players in a team could be added before the commencement of the third  innings. (2) Striking or fielding could be decided upon on the toss of a coin
(1) In a match where the  Winners and losers are to be found, the  maximum number of Players to a team is Sixteen (16), and minimum  being Twelve (12). The lesser number of players in a team does not make the  number of players to be restricted for the same number in the opposing team.  The balance players in a team could be added before the commencement of the third  innings. (2) Striking or fielding could be decided upon on the toss of a coin
  (5) FIELDING 
  
(1) It is mandatory to keep a player to collect  byes. The other players can be anywhere in the playing area outside the  rectangular spot in front of the striker. Fielding could be done after the ball  strikes the ELLE Bamboo but should be done without interference to the runners.
       (2) The player collecting byes should come to  his spot no sooner the striker comes to play. The player who is not acceding to  the order of the Chief Referee and is not present at the spot to collect byes  when the ball strikes the ELLE Bamboo is prohibited to collect byes.
(2) The player collecting byes should come to  his spot no sooner the striker comes to play. The player who is not acceding to  the order of the Chief Referee and is not present at the spot to collect byes  when the ball strikes the ELLE Bamboo is prohibited to collect byes.
  (6) STRIKING OF THE BALL