සිරිල් පෙරේරා - දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact
ශ්‍රී ලංකාවේ ප්‍රවීන දක්ෂ ක්‍රීඩකයින් පිළීබද විස්තර ප්‍රථම වරට අන්තර්ජාලයට එක්වූ පිටුව, ඔබගේ විස්තර ...මෙම වෙබ් අඩවියට එවන්න අමතන්න 0718669451 .

එච් ඒ සිරිල් පෙරේරා - දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම

https://plus.google.com/106054590476023516301/posts
මෙම විස්තර එල්ලය පුවත් පතින් ලගදීම

එල්ලේ ක්‍රීඩාව ශ්‍රී ලංකාව පුරා ජනප්‍රියතාවයට පත්වෙමින් ජාතික ක්‍රීඩාව වශයෙන් ගැමි හා නාගරික පන්තියේ සාමාන්‍ය ජනතාව මෙන්ම මුහුදුබඩ ජිවත්වන ජනතාව විසින් සැලකුම් ලැබූ අවධියේදී එල්ලේ ලෝකයේ ක්‍රීඩකයින් අතර මෙන්ම නරඹන්නන් අතර මහත් සේ ජනප්‍රියත්වයට පත්.එල්ලේ ක්‍රීඩා පිටියේ යේ දක්ෂතා දක්වමන් එල්ලේ ශුරයෙකු ලෙස ප්‍රභල නමක් හිමිකර ගනිමින් එල්ලේ ක්‍රීඩකයින් හා ක්‍රීඩා ලෝලින් කා අතරත් හොද හිත දිනා ගන්නා ලද වයඹ පලාතේ දංකොටුව සුහද එල්ලේ කණ්ඩායමේ මෙන්ම තම ග්‍රාමය දිවයින පුරා රැදවීමට ක්‍රීඩකයෙකු වශයෙන් කණ්ඩායම් නායකයෙකු වශයෙන් වසර 30 ක් එල්ලේ ක්‍රීඩාවේ නියලුන තවත් එක් පැරණීතම ක්‍රීඩකයකු වශයෙන් හැදින්විය හැකි සිරිල් පෙරේර

පුද්ගලික තොරතුරැ

  • උපන් දිනය ‍්
  • ඉනෙ ගන්නා ලද පාසැල
  • ප්‍රථමයෙන් ක්‍රීඩා කරන ලද එල්ලේ කණඩායම්:-ශාන්ත ජෝශප් එල්ලේ කණඩායම දංකොටුව
  • තරග කරන ලද කණ්ඩායම්:-දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම,පුත්තලම් දිස්ත්‍රීක්ක එල්ලේ කණඩායම,ගම්භද එල්ලේ කණ්ඩායම
  • ක්‍රීඩා කරන ස්ථානය:-තුන් ඉරියව්වේ ක්‍රීඩක එල්ලේ ක්‍රීඩා පිටියේ සෑම ස්ථානයක්ම,පන්දු යැවීමේ විශේෂ දක්ෂතාවයකි.
  • වෙනත් දක්ෂතා:-....................................................................................................................................................
  • රැකියාව:-....රියදුරැ වෙන්නප්පුව - දංකොටුව විවිධ සේවා සමූපාකාර සමීතිය
  • බිරිදගේ නම :-.........................................................................................................................................................
  • දරැවන්:-...................................................................................................................................................................
  • වෙනත් විස්තර:-......................................................................................................................................................

1963 වර්ෂයේ දංකොටුව ගෝනවිල ශාන්ත ජොශප් එල්ලේ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් එල්ලේ ක්‍රීඩාවට පිවිස ඇති අතර පසුව දංකොටුව සුහද ක්‍රීඩා සමාජයට එක්ව දක්ෂ්කම් දක්වමින් පසුව කණ්ඩායම මෙහෙයවමින් සුහද කණ්ඩායම එල්ලේ ලෝකයේ ඉහල තලයකට රැගෙන යාමට මහත් කැපකිරිමක් කර ඇති ප්‍රභල ක්‍රීඩකයෙකු වශයෙන් හැදින් විය හැක. සුහද කණ්ඩායම මෙහෙයවමින් දිවයින පුරා එල්ලේ ක්‍රීඩාව ජනප්‍රියතාවයට පත්ව තිබු එම වකවානුව තුලදී ජාතික ශුරතාවයන් ඇතුලත්ව ශුරතාවයන් විශාල ප්‍රමාණයක් ජයග්‍රහනය කර ගැනීම පිණිස දක්ෂතා පෙන්වන ලදී.

එල්ලේ පිටියේදී දිගු පහරවල් එල්ල කරමින් තම පිලට ලකුණූ ලබා දෙමින් අඩු ලකුණු ගනනකට තම කණ්ඩායම දැවි ගොස් ජයග්‍රහනය අසීරැ අඩියකට පත්වූ විට කණ්ඩායමේ බර කරට ගනිමින් තම පිත්තේ අණසක පිටිය පුරා පතුරවමින් අනෙකුත් ක්‍රීඩකයිනට ආදර්ශයක් ගෙන දෙමින් පන්දු රකිමින් සිටින ප්‍රතිවාදී ක්‍රීඩකයින් අතරින් බිම දිගේ සමාන්තර පහරවල් එල්ල කරමින් තමන්ට රිසි සේ ලකුණු ලබාගන්නා ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා ලෝලින් අතර නමක් තබා ඇති ක්‍රීඩකයෙකු විය.

01 02 03 04 05 06 07 08 09 10 11 12 13 14 15 16

 

පන්දු රකිනු ලබන අවශ්ථාවන් වලදී ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයින් වැඩි පිරිසකට පන්දු යවමින් එම ක්‍රීඩකයින්ට සිත්සේ පන්දු පහරවල් එල්ල කිරිමට ඉඩ නොතබමින් ක්‍රීඩකයින් වැඩි පිරිසක් දවා ගැනීමේ වගකිමද මෙම දක්ෂක්‍රීඩකයා විසින් ඉටුකර දක්ෂ පන්දු යොමුකරන්නෙකු වශයෙන්ද නමක් දිනා ඇත.පිටුපස පන්දු රැකිමෙන් තම පිලේ පන්දු රකින්නන් නියමිත ස්ථානයන් වලට යොමු කරමින් හා උපදෙස් දෙමින් ප්‍රථිවාදී පිලේ ක්‍රීඩකයින් දවා ගැනීමේ සදහා මහත් මෙහෙවරක් කණ්ඩායමට ලබාදෙමින් තම කණ්ඩායම ජය මාවත කරා කිහිප විටක්ම ගෙන ගොස් ඇත.

එල්ලේක්‍රීඩකයෙකු වශයෙන් පමණක් නොව එල්ලේ තරග විනිස්චය කරැවෙකු වශයෙන්ද එල්ලේ තරග විනිස්චය කරමින් එල්ලේ ක්‍රීඩාවේ දියුනුව උදෙසා මහත් කැප කිරිම් කර ඇති ක්‍රීඩකයෙකු වශයෙන් හැදින් විය හැක.

උළෙල වශයෙන් නම්කරන ලද පසුව ජාතික ක්‍රීඩා උළෙල ලෙස පවත්වන ජාතික එල්ලේ ක්‍රීඩා උළෙලේ මුලින්ම එල්ලේ ක්‍රීඩාව ඇතුලත් කරමින් 1973 වර්ෂයේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැත්වූ ජාතික ක්‍රීඩා උළෙලේ ප්‍රථම ජාතික එල්ලේ අනු ශුරතාවය වයඹ පලාත නියෝජනය කරන ලද දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම මෙහෙයවමින් දක්ෂතා දක්වන ලදී.

01 02 03 04 05 06 07 08 09 10 11 12 13 14 15 16
01 02 03 04 05 06 07 08 09 10 11 12 13 14 15 16
01 02 03 04 05 06 07 08 09 10 11 12 13 14 15 16

ක්‍රීඩා කරනලද තරගමාලාවන්

ප්‍රධාන තරගයන්

1974 වසරේ අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ පැවැත්වූ ජාතික ක්‍රීඩා උළෙලේ ජාතික ශුරතාවය දිනා ගැනිමට දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීමද මෙම දක්ෂ ක්‍රීඩකයා විසින් දරන ලදී.1974 වර්ෂයේ ජාතික ශූරයා වශයෙන් සුහද ක්‍රීඩා සමාජයේ මෙන්ම එල්ලේ ක්‍රීඩා පිටියේ දක්ෂ ධාවකයෙකු වශයෙන් හදුන්වනු ලැබූ ඒ ඩී රේමන් අප්පුහාමි ජය සංකේත ලබා ගන්නා ලදී.

  • 1976 වසරේ ත්‍රීකුනාමලයේ මැක්හෙයිසර් ක්‍රීඩාංගනයේ පැවති ජාතික ක්‍රීඩා උළෙලේ ශුරතාවයද සිරිල් පෙරේරා මෙහෙයවන ලද දංකොටුව සුහද පිල විසින් දිනා ගන්නා ලද අතර එම වසරේ ජාතික ශුරයා වශයෙන් සුහද ක්‍රීඩා සමාජයේ ඒ ඩි ඇන්ටනි අප්පුහාමි විසින් දිනා ගන්නා ලදී.
  • 1977 වසරේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත්වු ජාතික ක්‍රීඩා උළෙලේ ජාතික එල්ලේ අනු සුරතාවය නැවත වරක් මෙම ක්‍රීඩකයාගේ නායකත්වය යටතේ ලබා ගැනීමට හැකි විය.
  • 1979 වර්ෂයේ මාතර උයන් වත්ත ක්‍රීඩාංගනයේ පැවති ජාතික ක්‍රීඩා උළෙලේ එල්ලේ ජාතික ශුරතාවය වයඹ පලාත නියෝජනය කරන ලද එච් ඒ සිරිල් පෙරේරා විසින් මෙහෙයවන ලද දංනොටුව සුහද ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලද්දේ මෙම ක්‍රීඩකයාගේ පන්දුවට පහර දීමේදි පන්දු එවීමේ පන්දු රැකිමේ පන්දු එවිමේ මෙන්ම කන්ඩායම මෙහෙයවිමේ දක්ෂතා නිසාය..
  • 1980 වර්ෂයේ බදුල්ල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වූ ජාතික ක්‍රීඩා උළෙලේ ජාතික එල්ලේ ශුරතාවය පැවත වරක් වයඹ පලාත නියෝජනය කරන ලද දංකොටුව සුහද පිළ විසින් දිනා ගන්නා ලදි .මෙම තරගමාලාව සදහා කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වු රේමන් අප්පුහාමි විසිනි.එහෙත් තම නව නායකයාහට අනගි සහයක් ලබා දෙමින් හා උපදෙස් මෙන්ම දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් තරගමාලාව ජයගැනීම පිණීස මහත් කැපවීමක් සිරිල් පෙරේරා විසින් තම කණ්ඩායමට ලබා දෙන ලදී.

සිරිල් පෙරේරා - දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම           

සිරිල් පෙරේරාගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරනලද තරගමාලාවන්

ප්‍රධාන තරගයන්

එල්ලේ ක්‍රීඩාව දිවයින පුරා ජනප්‍රීයවන තිබූ කාල සීමාවේදී 1974 වසරේ සිට එල්ලේ ර්‍ක්‍රීඩා පිටියේ සිටි පතාක යෝධයින් වන දංකොටුව සුහද එල්ලේ ක්‍රීඩා සමාජය මෙහෙයවමින් එල්ලේ ක්‍රීඩාව දිවයිනේ නන් දෙසට රැගෙන ගිය මෙන්ම එකල නමක් දිවයින පුරා ගොඩ නගාගන්නා ලද දක්ෂ ක්‍රීඩකයෙක් වු එච් ඒ සිරිල් පෙරේරා මෙහෙයවන ලද කාල සිමාවේ සහභාගී වු තරගමාලාවන් සහ ජයග්‍රනයන්.

  • 1975 වර්ෂයේ කොස්වත්ත රන්තරැ එල්ලේ කණ්ඩායම විසින් මෙහෙයවන ලද ආසන අටේ එල්ලේ සූරතාවය.
  • 1978 වසරේ පුත්තලම සමගි එල්ලේ කණ්ඩායම මෙහෙයවන ලද ආසන පහේ එල්ලේ සුරතාවය.
  • 1984 වර්ෂයේ මොරක්කුලිය රන්තරැ එල්ලේ කණ්ඩායම මෙහෙයවන ලද සමස්ත ලංකා එල්ලේ සූරතාවය.
  • 1978 වසරේ මිනුවන්ගොඩ නිල්පනාගොඩ රෙඩ් ඊගල්ස් එල්ලේ කණ්ඩායම මෙහෙයවු ආසන පහේ එල්ලේ සූරතාවය.
  • 1979 වසරේ මහඔය - ලුණුඔය විජය කණ්ඩායම විසින් මෙහෙයවන ලද ආසන පහේ එල්ලේ ශුරතාවය.
  • 1979 වසරේ මීගමුව තලාහේන රැවන්රේඛා එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා එල්ලේ ශුරතාවය.
  • 1981 වර්ෂයේ මෝරක්කුලිය රන්තරැ එල්ලේ කණ්ඩායම විසින් මෙහෙයවන ලද සමස්ත ලංකා එල්ලේ ශුරතාවය.
  • 1990 වර්ෂයේ කටුනායක පරාක්‍රම එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා එල්ලේ ශුරතාවය.
  • බොකලේගම එම් ජේ ඇම් එල්ලේ කණ්ඩායම විසින් මෙහෙයවන ලද එල්ලේ අණුශුරතාවය.
  • මාබිම චන්ද්‍රිකා එල්ලේ කණ්ඩායම සංවිධානය කල සමස්ත ලංතා එල්ලේ තරගමාලාව(මෙම තරගමාලාව සදහා දංකොටුව සුහද එල්ලේ කණෟඩායමෙ ක්‍රීඩකයින් 14 දෙනකු ක්‍රීඩා කරන ලද කිරිමැටියාගාර නැගෙන තරැ කණ්ඩායම විසින් ජය ගන්නා ලද අතර එම තරගමාලවේ නායකත්වයද එච් ඒ සිරිල් පෙරේරා විසින් දරන ලදි.

මෙම වීඩියේ 2016 ජනවාරි මස 11 වෙනි දිනෙන් පසුව බලාපොරොත්තු වන්න.

මෙම දක්ෂ ප්‍රභල ක්‍රීඩකයා වෙනුවෙන් උපහාර පිදිමේ උළෙලක් ඉතාමත් උසස් අන්දමින් පැවැත්වීමට දංකොටුව ප ජනතාව මෙන්ම සුහද කණ්ඩායම කටයුතු යොදා තිබිම ඇත්තෙන්ම අගය කලයුතු කාර්්‍යයක් ලෙස මෙලෙස සටහන් කරන්නෙමු

සිරිල් පෙරේරාගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරනලද තරගමාලාවන් අතුරින් අමතක කළ නොහැකි තරගමාලාවන්.

  • 1976 වර්ෂයේ පවත්වන ලද ජාතික එල්ලේ ශුරතා තරග මාලාවේ එක් තරගයකදී පුත්තලම් දිස්ත්‍රික්කයේ එල්ලේ සූරයින් තෝරා ගැනීම සදහා පැවති අවසන් මහා තරගයේදී කටුණේරිය ශාන්ත ජුඩ් එල්ලේ කණ්ඩායම හා තරග වැදුන දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම වට දෙක්ම ලබා ගන්නා ලද්දේ වට 17 ක් පමණ්ක විය.එහෙත් කටුණේරිය ශාන්ත ජූඩ් එල්ලේ කණෟඩායම ප්‍රථම වටය සදහා පමණක් වට 16 ක් ලබා ගනිමින් ප්‍රභල ස්ථානයක සිටියද පිරිපුන් නායකත්වයක් පෙන්නා දෙමින් තම කණෟඩායමේ ක්‍රීඩකයින් දිරිමත් කරමින් ජයග්‍රහනය සදහා අවශ්‍යව තිබූ වට දෙක ලබා නොදෙමින් ලකුණු බිංදුවකට කටුනේරිය ශාන්ත ජූඩ් එල්ලේ කණ්ඩායම පරදවමින් එම තරගමාලාවේදි පුත්තලම් දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් සමස්ත ලංකා එල්ලේ තරගමාලාව නියෝජනය කරන්නට අවශ්ථව උදා කර ගන්නා ලදී.මෙම තරගය හලාවත නගර සභා ක්‍රීඩාංගනයේදී විශාල නරඹන්නන් පිරිසක් මධයයේ පවත්වන ලදී.

සිරිල් පෙරේරාගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරනලද ආරාධිත තරගමාලාවන් අතුරින් අමතක කළ නොහැකි තරගමාලාවන්.

  • 1983 වර්ෂයේ පෙබරවාරි මස 04 වෙනිදින තිස්පස් වෙනි නිදහස් සමරැ දිනය වෙනුවෙන් කොළඹ අලුත් කඩේ ග්‍රාෙමා්දය මණ්ඩලය විසින් පැවැත්වූ ලෙස්ලි යාහතුගොඩ විසින් සංවිධානය කරන ලද මැදකොළඹ ශ්‍රී විජය කණ්ඩායමත් දංකොටුව වෙන්නප්පුව එකාබද්ධ කණ්ඩායම අතර තරගය
  • හැදල එක්සත් එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද ඇස් සෙල්වරාජා විසින් සංවිධානය කරන ලද එල්ලේ තරග මාලාව. මෙම තරග මාලාව වත්තල ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගනයේ පැති අතර එහිදී ප්‍රභල තරගයකින් පසුව මැදකොළඹ ශ්‍රී විජය කණ්ඩායමට පරාජය විය.
  • 1979 වර්ෂයේ ශ්‍රී තංකා එල්ලේ සම්මේලනය විසින් මෙහෙයවන ලද ජාතික එල්ලේ හුරතා තරග මාලාවේදී අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වෙන ලදී.
  • 1982 වර්ෂයේ ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද ජාතික ශුරතා තරල මාලාවේ අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රශල තරගයක් ලබා දෙමින් පරාජයට පත් විම.මෙම තරග කොළඹ ටොරින්ටන් චතුරශ්‍රෙය්දී පවත්වන ලදී.
  • 1987 වසරේ ගම්උදාව නිමිත්තෙන් කොළඹ ටොරින්ටන් චතුරශ්‍ර තුරග තරග පිටියේ පැවති ආරාධිත තරග මාලාවේදී අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වීම්‍.

සිරිල් පෙරේරාගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරනලද තරගමාලාවන් කිහිපයක්

  • සදලංකාව තරැණ තරැ එල්ලේ කණඩායම විසින් මෙහෙයවන ලද දීප ව්‍යාප්තඑල්ලේ තරගමාලාව..
  • වත්තල සිනමා රසික සංගමය හැදල සවිබල එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද ඒ තරගමාලාව. .
  • පෑලියගොඩ කුමුදු එල්ලේ කණ්ඩායම වින් සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාව.
  • කදාන සංසයින් එල්ලේ කණ්ඩාය විසින් සංවිධානය කරන ලද ආරාධීත කණ්ඩායම් විස්සක් අතරේ පැවති තරගමාලාව.
  • කිත්තම්පහුව ගාමිණී කණ්ඩායම සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාව.
  • හැදල සාගර කණ්ඩායම විසි සංවිධානය කරන ලද තරගමාලාව.
  • හැදල ඇකන්ද තරැණ කැල විසින් සංවිධිනය කරන ලද කණ්ඩායම් දහසයක් අතරේ වූ ආරාධිත එල්ලේ තරගමාලාව.
  • 1985 වර්ෂයේ රෙජී රොරිගෝ මහතා විසින් සංවිධානය කරමි් මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩා පිටියෙදී පවත්වන ලද කදුරට ආරාිත එල්ලේ තරගමාලාව.
  • හැදල මාටාගොඩ දීප්ති ප්‍රජාමණ්ඩලය විසින් සංවිධානය තරන ලද දීප ව්‍යාප්ත එල්ලේ තරග මාලාව.
  • කදාන ලින්ටන් ආතනය විසින් සංවිධානය කරන ලද නාගොඩ ලිංටන් ක්‍රීඩාංගනයේ පැවති එල්ලේ තරගමාලාව.
  • හැදල මාටාගොඩ ආනන්ද එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාව.
  • උදම්මිට ගාමණී එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලඑල්ලේ තරගමාලාව.
  • කණෟඩායම් තිස් දෙකක් අතරේ ජාඇල ශාන්ත මරියා එල්ලේ කණ්ඩායම විසින සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාව.
  • බස්නාහිර පලාත් සභා මන්ත්‍රී ඩග්ලස් ප්‍රනාන්දු එල්ලේ ශුරතා තරගමාලාව.
  • කදවල සික්ටීන බ්‍රදර්ස් එල්ලේ කණ්ඩයම විසින් සංවිධානය කරන ලද එල්ල් තරගමාලාව
ඉහත සදහන් එල්ලේ තරගමාලාවන් වලදී දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම වෙනුවෙන් කැප වෙමින් දක්ෂකම් දක්වමින් වසර 30 කට අධික කාලයක් එල්ලේ ක්‍රීඩාවේ නිරත වෙමින් දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම ලංකාවේ ප්‍රභලතම එල්ලේ කණ්ඩායම් අතරට රැගෙන යමින් දංකොටුව ග්‍රාමයටත් එල්ලේ ක්‍රීඩාවටත් මහත් මෙහෙවරක් ඉටුකරමින් කණ්ඩායම් නායකත්වය විනය ගරැකව ඉටුකරලීමට සමත්කම් දැක්වූ මෙම දක්ෂ එල්ලේ ක්‍රීඩකයා තම ජීවිත කාලයෙන් වැඩි හරියක්ම ගෙවාදමා ඇත්තේද එල්ලේ ක්‍රීඩාව වෙනුවෙනි.එවන් දක්ෂයෙකු පිළීබද තොරතුරැ අන්තර්ජාලයට ඇතුලත් කරමින් අනාගත එල්ලේ ක්‍රීඩකයින් හට මෙන්ම ලෝකවාසී ජතාවට ඔහුගේ තොරතුරැ දැකබලා ගැනීම පිණිස මෙලෙස කටයුතු කල මාද බෙහෙවින් වාසනාවන්තයෙකු සේ මා සලකමි.

    එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වා ඇති පොත්පත්

ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් මෙතෙක් එලිදක්වා ඇති පොත්පත් ප්‍රමාණය ඉතාමත් සීමිත සංඛ්‍යාවක් බව සදහන් කිරිමට හැකියාවක් ඇත.එම පොත්පත් පිළිබදව සහ එම පොත්පත් ලියන ලද කතුවරැන් පිළිබදව සදහන් කිරිම අපගේ යුතුකමවේ.

ලයනල් පෙරේරා (1964 හා 1966) රාගම බැසිලිකා
පී ඩී රොබට් (1965) එෙඩිරමුල්ල ශා සෙබස්තියන්
ඩබ් ඒ සරත් (1981) තොටළග අරුණ
සුමිත් රත්නසිරි (1983) තොටළග අරුණ
හැරී ලෙස්ලි(1985) හැඳල එක්සත්
ලාල් ප්‍රසාද් (1988) කෝපියාවත්ත ජය ශ්‍රී
නිරාල් සුජීව (1992) කඳවල සික්ස්ටීන් බ්‍රදර්ස්
විජිත් අප්පුහාමි, (1994) කඳවල සික්ස්ටීන් බ්‍රදර්ස්
නිශාන්ත ද සිල්වා (1995) උදම්මිට ගාමිණී
ප්‍රදීප් කුමාර් ප්‍රනාන්දු(1997) ජාඇල සික්ස්ටීන් බ්‍රදර්ස්
තුසිත ප්‍රියංකර (1998) හැඳල සාගර
මහින්ද හේවා නලගම (2000) මැදකොළඹ ශ්‍රී විජය
සුගත් පෙරේරා (2001) හැඳල සාගර
නලීන් හේමන්ත (2003) කිත්තම්පහුව ගාමිණී
දුමින්ද සිල්වා (2004) කෝපියාවත්ත ජයශ්‍රී
ප්‍රසාද් උදයකුමාර (2009) ජොසිටාවත්ත රශ්මි

  See more Details බලන්න තවත් විස්තර
   ජොසිටාවත්ත රශ්මි එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරනු ලැබු සංජීව සිල්වා උපන්දින එල්ලේ තරගමාලාව
තවත් විස්තර බලන්න>>>
You could also place an image into the scroll box.

 

තවත් විස්තර
එල්ලේ කණ්ඩායම්
කාන්තා කණ්ඩායම්
එල්ලේ ඉතිහාසය
ක්‍රීඩා කරන අයුරැ
එල්ලේ විඩියෝ
එල්ලේ ක්‍රීඩකයින්
ඉතාලි එල්ලේ
එල්ලේ තරග
එල්ලේ ඡායාරෑප
විශේෂ අවශ්ථා
එංගලන්ත එල්ලේ
පැරිසීයේ එල්ලේ
එල්ලේ පුවත්
වෙනත් විස්ර
 
සම්භන්ධ වෙන්න

 

එල්ලේ සගරාව

 

එල්ලය වාර්තා කරැවන්/වෙළද නියෝජිත මහතුන්
එස් රංජිත් සිල්වා
එස් බොනිපස් ඇන්ටනි
එස් ජේ සිල්වා
ටෙනිසන් ඉතාලිය
චානක මනෝජ් ඉතාලිය
රංජන් ප්‍රෝටස් ඉතාලිය
 
 
 
 
 

 

For Your Adverteastment
       Click hear to Contact Us
වෙළද දැන්වීම් සදහා වෙන්කර ඇත..
       Click hear to Contact Us
Wedding Video & Photograpy

Related paje

 

Flag Counter
Flag Counter

 

01 02 03 04 05 06 07 08 09 10 11 12 13 14 15 16
https://plus.google.com/106054590476023516301/posts
ශ්‍රී ලංකාවේ එල්ලේ ක්‍රීඩා විස්තර ඇතුලත් ප්‍රථම අන්තර්ජාල පිටුවට, ඔබගේ විස්තර ...මෙම වෙබ් අඩවියට එවන්න අමතන්න 0718669451 .

Sport Of Sri Lanka Elle

 
                 
  Home Histry Video Elle Team Elle Players Federation Elle News Other Contact  
  Sinhala Sinhala Elle Video Men Elle Teams Men Elle Federation Elle Paper Elle Rules Sinhala  
  Other Video Women Elle Teams Women Refrees Associ Books How to Play English  
  Wikipedia Department Team School Elle Players Events Equipment Wikipidea  
    School Elle Team Department   Other Grounds Blogs
        Italy Elle Team Italy          
        Other Country            
https://plus.google.com/106054590476023516301/posts

                                Copy write 2013 ©Sri Lanka Elle(sjs)                                                                                   

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact