Ellaya Paper 56/B,Thibbotugoda,Ganemulla,Sri Lanka Our Vilage and my Vedios     www.srilankaelle.com
මුල් පිටුව ප්‍රාදේශිය පුවත් විශේෂාංග ක්‍රීඩා පුවත් කතුවැකිය දැන්වීම් වීඩියෝ අමතන්න
https://plus.google.com/106054590476023516301/posts
ශ්‍රී ලංකාව දියුණු වෙන්න නම්.ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුය.If Sri Lanka is to develop, there must be a national policy.

ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලන වේදිකාවට ගෙනයන අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය.මේ රට ගොඩ නගන්නටනම් පැහැදිලි ක්‍රම වේදයක් තිබිය යුතුය.පරිබෝජනය පමණක් නොව නිෂ්පාදනය කරන රටක් වශයෙන් ඉදිරියට යාමට නම් පැහදිලි ප්‍රතිපත්තියක් තිබිය යුතුමය.. මේ මා විසින් ඉදිරිපත් කරනු ලබන රට ගොඩගන්න මගේ .ප්‍රතිපත්ති ප්‍රකාශනයයි..එය නිවැරදිව සකස් කිරීම රටට ආදරය කරහ සැම අයකුගේම යුතුකම වන්නේය.එසේ නොවන්නේනම් රට දිනෙන් දින තව තවත් අගාදය කර ගොස් රටේ අනාගත පරපුරට හිමි සම්පත් විදේශිය ජාතිකයන් විසින් අත්පත් කරගන්නවා ඇත...

01.ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් බැවින් කෘෂිකර්මානතයට මෙන්ම දෙශිය ගොවිතැනට,.ගොවි මහතුන්ට ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කරනු ලබන අතර කෘෂිකර්මාන්තයේ යෙදී සිටින අයවලුන්ගේ සුභසාධන කටයුතු සිදු කිරීම.ඔවුන්ගේ දූ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සදහා ආධාර උපකාර කිරීම.

02.නිදහසින් පසු වසර 72 ක් පුරා විනාශකර විකුනා දමන ලද කර්මාන්ත නගා සිටුවීම සහ දේශිය කර්මාන්තයන්ට මුලිකත්වය දෙමින් නව දේශීය කරමාන්ත බිහි කිරීම...

03.හොරකම වංචාව,දූෂණයට සහ මත්ද්‍රව්‍ය වලට එරෙහිව කටයුකු ක්‍රියාත්මක කිරීම සහ දිවයිනෙන් මත්ද්‍රව්‍ය බැහැර කිරීම සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිම මෙන්ම මත්ද්‍රව්‍ය පනත් සංශෝධනය කිරීම..

04.ස්භාවික සම්පත් රැක ගැනීම සදහා කටයුතු කිරීම කිසිදු ස්භාවික සම්පතක් හෝ ස්භාවික සම්පත් හිමි භුමියක් විදේශයකට හෝ පුද්ගලෙයෙකුට ආයතනයකට අයිතියක් නොමැති අතර ඒ සදහා සියලුම හිමිකම රජය සතුවෙන අතර එවැනි ඉඩම් රජය සතුකර ගැනීමට කටයුතු කරනු ඇත.,ඒ සදහා වෙනස් කල නොහැකි ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරනු ඇත.

05.දේශයේ සෑම ඉඩමක්ම රජය සතුවෙන අතර කිසිදු ඉඩමක් විදේශීය ආයතනයකට හෝ විදේශිය රටකට බදුදීම විකිනිම හෝ කුලියට දිමට කටයුකු නොකරන අතර ඓතිහාසික වටිනාකමක් ඇති ඉඩ කඩම් මේ වන විටත් පුද්ගලයින් වෙනත් ආයතනයන් හෝ විදේශිකයන් විසින් ලබාගෙන ඇත්නම් එම ඉඩම් රජය සතු කිරිම කල යුතුයි..

06.ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන සහ අපනයන භෝගයන් රාජ්‍ය මට්ටමින් සිදුකිරීම කල යුතු අතර න් ලැබෙන අමතර ආදායම් මහජනතාව අතර බෙදීයාමට හැකිවෙන පරිද වැඩ පිලිවෙලක් සකස් කිරීම..

07.රටේ අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් නිවාස මෙන්ම සුභසාධක කටයුතු ක්‍රියාත්මක කිරිමට වැඩ පිලවෙලවල් සකස් කිරීම.

08.ග්‍රාමීය වෙරලාසන්න ධීවර ප්‍රජාවගේ සහ වවිලි කර්මාන්ත කෂේත්‍රය ආශ්‍රිත පවුල් එකක සවිබල ගන්වනනාවූ සුභසාධක වැඩ පිලිවෙලක් සහ නිවාස යෝජනා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම.

09.ශ්‍රී ලංකාව අවට මහ මුහුදේ ඇති සම්පත් රජය සතුවන අතර කිසිදු විදේශිය සමාගමකට හෝ ආයතනයකට එහි අයිතිය ලබා නොදීම.මත්ස්‍ය සම්පත ආරක්ෂා කිරිම සහ ඒ ආශ්‍රීත රැකියාවන් නිර්මාණය කිරීම.

10.කඩොලාන රක්ෂීත වගුරු බ්ම් සහ මඩ ඉඩම් ගොඩ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ..එම ප්‍රදේශ ආශ්‍රීත කරදිය මත්ස්‍ය සම්පත සංරක්ෂණය කිරීම සහ එම වෘත්තියන්හි නිරතව සිටින්නන්ට සහන ලබා දීම....

11.ත්‍රී වීල් රථ රියදුරන්...දෛනිකව වැටුප් ලබා ගන්නා අයවලුන්න් කුලීසේවයේ යෙදී සිටින්නන්, පුද්ගලික ආරක්ෂක අංශ,මෑන් පවර් සේවයේ නියුතු අයවලුන්ට විශ්‍රාම වැටුප් යොජනා වලියක් රාජය අනුග්‍රහය මත ක්‍රියාත්මක කිරීම මෙන්ම එම අයවලුන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීම පිණීස ආධාර උපකාර කිරිමේ ක්‍රමවේදයක් සකස් කිරීම.

12.ශ්‍රී ලංකාවේ ඉතිහාසය වසර දස දහස් ගනනකට ඈත එපිට ඉතිහාසයක් වන බැවින් එය ඝවේෂණය කරමින් සනාථකර පාසැල් පෙළ පොතට ඇතුලත් කිරීමට කටයුතු කරනු ලබන අතර පුරා වශ්තුන් ආරක්ෂා කිරීම, එම පුරා වශ්තුන් අනාගත පරපුර වෙත ලබා දීම සදහා නිසි වැඩ පිලිවෙලක් සකස් කිරීම සහ එම ඓතිහාසික ඉඩ කඩම් කිසිවෙකුටත් අත්කර ගැනීම සපුරා තහනම් කිරීම. එම ඓතිහාසික ස්ථානයන් මේ වනවිටත් යම් අයෙකු අයවලුන් හෝ විදේශිය ජාතීන් විසින් අත්පත් කරගෙන ඇත්නම් ඒවා නැවත රජය සතු කිරීම මෙන්ම බුදු රජානන් වහන්සේ ඉපදීම බුදුවීම සහ පිරිනිවන් පෑම සිදුවුයේ ඉන්දියාවේද? ශ්‍රී ලංකාවේද යන්න සොයා බැලීම පිණීස ආජ්‍ය අනුග්‍රහය ලබාදීම.

13.මනස හා ආකල්පයන් දියුණූ කිරිමට කටයුතු කරනු ලැබීමටත් එය පාසැල් විෂය නිර්දේශයට ඇතුලත් කිරීමට කටයුතු කරනු ලබන අතර මහජනතාව දැනුවත් කිරීම සහ ඒ සදහා හුරු පුරුදු කිරීමට වැඩ සටහන් ක්‍රියා කිරීම.

14.මනස දියුණු වීමත් සමගින් එක් එක් නව නිර්මානයන් කිරිමට හැකියාවක් ලැබෙන අතර එම නව නිපැයුම් කරුවන් දිරිමත් කිරීම සහ ආධාර උපකාර ලබා දීම..විදේශිය වශයෙන් මුදල් උපයාගත හැකි නව නිර්මානයන් වන්නේ නම් රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට ක්‍රියා කිරීම..

15.ස්භාවධර්මයා රැක ගැනීම සදහා කටයුතු කිරීමටත්.. කිසිදු වන රක්ෂීතයන් එළි පෙහෙලි කිරිම සපුරා තහනම්.මේ වන විටත් වන රක්ෂිතයන් පුද්ගලිකව හෝ දේශපාලනමය වශයෙන් අත්පත් කරගෙන ඇත්නම් එම වන ඉඩම් රජය සතු කිරීමට කටයුතු කරනු ලැබීමටත් කිසිදු වන ජීවියෙකුට හිංසාවක් හෝ විනාශ කිරීම සපුරා තහනම් වෙනු ඇත..එසේම දේශිය ශාඛ වර්ගයන් වගා කිරීමටත් ඒවාට හානි කිරිමකිසිදු විටෙක නොකල යුතු අතර දේශිය ඔසු පැල වගා කිරිමටද ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනු ඇත දේශයට අහිතකර විදේශීය ශාකයන් තෝරා බේරා හැකි කඩිනමින් දිවයිනෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන අතර පළමුවෙන්ම මී මැස්සන් විනාශ කිරීමට හැකියාවක් ඇති ඇකේශීයා ශාකය දිවයිනෙන් ඉවත් කිරීමටත් ගොවිතැන් කටයුතු සදහා ප්‍රයෝජනවත් වෙන පොහොර නිෂ්පාදනය නයිට්රිජන් මෙන්ම පැය විසිහතර පුරා ඔක්ෂීජන් නිකුත් කරන මී ශාඛය හැකි කඩිනමින් රෝපනය කිරීමට වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම..

16.දේශීය ශාකයන් දෙශිය ඹසුපැල වගා කිරීමට කටයුතු කරනු ලබන අතර ඒවාට හානි කිරීම සපුරා තහනම් වෙනු ඇත.දේශයට අහිතකර ආක්‍රමණික විදේශීය ශාකයන් තෝරා බේරා ගනිමින් කඩිනමින් දිවයිනෙන් ඉවත් කිරිමට කටයුතු සලස්වන අතර ප්‍රථමයෙන් කෘෂිකර්මාන්තයට හිතැති පරාගනය පෝෂණය කරනු ලබන මී මැස්සන් විනාශ කරන ඇකේසියා ශාකය දිවයිනෙන් ඉවත් කිරීම සහ බටහිර ජාතින් විසික් විනාශ කර දමන ලද කෘෂිකර්මාන්තයට මහත් සේවයක් සලසන මී ශාකය දිවයිනේ සුදුසු ස්ථානයන් හි වගා කිරිමට කටයුතු කිරීම.

17.දිවයින පුරා ජලය දැනුවත්ව හෝ නොදැනුවත්ව අපවිත්‍ර කරගෙන අති බැවින් බරපතල ලෙඩ රෝගයන්ට කුඩා දරුවාගේ පටන් වැඩි මහලු අය දක්වාම බලවත් අපහසුතාවයන්ට මුහුණ දෙමින් සිටී.පිරිසිදු ආහාර,පිරිසිදු ජලය මෙන්ම තමන් විසින් දියුණු කරගන්නා නිරෝගී මනසක් ඇත්නම් එය නිරෝගීව සිටිමට මහත් දායාදයක් වන බැවින් ඒ පිළීබදව මහජනතාව දැනුවත් කිරීම..පිරිසිදු ජලයේ ගුණාත්මක භාවය පිළීබද වැඩසටහන් මෙන්ම ආහාර සහ ජලය පිරිසිදුව ලබා ගැනීමට අවශ්‍ය වැඩ පිලිවෙලවල් සකස් කිරීම. මනස දියුණූ කිරීමට වැඩ සටහන් ක්‍රීයාත්මක කර ගනිමින් මහජනතාව නිරෝගීව තබා ගැනීමට කටයුතු කිරීම.

18.වසර 500 කට ආසන්න කාලයක් විදේශ රටවල් විසින් යටත් විජිතයක් වශයෙන් අප රට පාලනය කරන ලද අතර එම කාලසීමාවන්හි යටත් විජිතවාදී රටවලල් වලින් ගෙනයන ලද ඓතිහාසික වටිනාකමක් ඇති පුරා වශ්තුන් මෙන්ම හෙළ රහස් ඇතුලත් පුස්කොළ පොත් නැවත දිවයිනට ලබා ගැනීමට කටයුතු කිරීම සහ දේශීය විශ්ව විද්‍යාලයක් සකස් කරමින් හෙළබස පිළීබදව වත්මන් සහ අනාගත පරපුර දැනුවත් කිරිම සහ පුස්කොළ පොත් ආරක්ෂා කිරීම පිණීස පුස්තකාලයක් ස්ථාපනය කරමින් හෙළබස සමාජගත කිරීම .

19.පලාත් සභා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සමාජයට සේවය කරන්නන් ලෙසින් පැමිනෙන අයවලුන් වන බැවින් එම අයවලුන්ගේ සියදුම වරප්‍රසාධයන් රාජ්‍ය සේවකයින් මෙන් විය යුතු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් විසින් ලබාගන්නා වූ වසර පහක් සම්පූර් විමෙන් පසු ලබා ගන්නා වූ විශ්‍රාම වැටුප අවලංගු කිරීම.අනෙකුත් රාජ්‍ය සෙවකයන් මෙන් පාර්ලිමේන්තුව තුල වසර විස්සක කාලයක් නොකඩවා සේවය කර ඇති අයවලුන්ට පමණක් විශ්‍රාම වැටුපකට හිමකම් ලැබෙන සේ ව්‍යවශ්ථාවන් සංශෝධනය කිරිම

20.රටක පැවැත්මට ජනමාධ්‍යට ඉටුකල හැකි කාර්යභාරය ඉතා විශාල වන බැවින් ජනමාධ්‍ය හිමිකාරිත්වය ශ්‍රී ලාංකකයිනට පමණක් විමිවන අතර පනවන ලද නීති රීතීනට අනුව ක්‍රීයා කල යුතුය..එම නිති රීතීන්ට අනුකුලව ජනමාධ්‍ය හැසිරවිය යුතුයි.. එසේ නොවන්නේ නම් බලපත්‍රය අහොසි කිරිමට කටයුතු කිරීම.

21.හෙළබිමේ සක්විති රජ වන මහා රාවණා රජතුමන් දුෂ්ඨයෙකු ලෙස සලකමින් ඉංදියාවේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගිනි තැබීමේ උළෙලක් "දුශේරා" වශයෙන් සෑම වසරකම මහා ජනකායක් දිරියේදී පවත්වනු ලබන අතර එම උත්සවයට සමගාමීව සක්විති ශේෂ්ඨ රාවණා යන තේරුම ඇති "සශේරා" යන නමින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව උත්සවයක් සෑම වසරකදීම පැවැත්වීම.

22.අතීත මුතුන් මිත්තන්ගෙන් පැවත එන එල්ලේ ක්‍රීඩාව ඇතුලු සියලුම දේශීය ක්‍රීඩාවන් ආරක්ෂා කිරීම..එසේ නොවන්නේ නම් වෙනත් ට ාජ්‍යයන් වසින් ඒ සදහා අයිතවාසිකම් කීමට ඉඩක් ඇත.එමෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතය වෙනුවෙන් සාර්ථක වැඩ පිලිවෙලක් ක්‍රීයාත්මක කිරීම.රැකියා ලබාදීමේ වැඩ පිලිවෙලක් සහ සුභසාධන කටයුතු ඉටු කිරිම

23.විශාල ලෙසින් මහජන මුදල් විනාශ කරනු ලබන ක්‍රමවේදයක් වන බැවින් පලාත්සභා ක්‍රමවේදය අහෝසි කිරිම.

24.ශ්‍රී ලංකාවේ ජනගහනය පිළීබදව සලකා බලමින් කටයුතු කරනු ලබන අතර රට සංවර්ධනය කරා ගෙන යනු ලබන තෙක් සෑම පවුලකටම දරුවන් තිදෙනකු පමණක් සිටිය යුතු අතර ඉන් වැඩිපුර දරුවන් සදා ගැනීමට කැමැත්තක් දක්වන අයවලුනට රජයට බද්දක් ගෙවීමට සිදුවනු ඇත.

25.ඉදිකිරීම කටයුතු සිදු කිරිමේදි වංචාවෙන් හා දුෂනයෙන් තොර වි යුතු අතර සෑම ඉදිකිරිමක්ම ප්‍රමිතියට අදාල විය යුතුයි එම දිකිරීම් අවම වශයෙන් වසර සියයක් පැවැත්මක ප්‍රමිතියෙන් විය යුතුයි.එමෙන්ම රටේ මහජනතාවට අවශ්‍ය සෑම අත්‍යවශ්‍ය කරැණු කෙරෙහි අවධානය යොමු කිරීම පිණීස රටට ආදරය ඇති පිරිසක් ස්ව්‍යං කැමැත්ත මත මණ්ඩල ලෙසින් පත්කිරීමට කටයුතු කෙරෙනු ඇත

26.මහජනතාව බරපතල ලෙසින් රෝගාභාධයන්ට මුහුණ දෙන විෂ සහිත ආහාර සහ බීම ද්‍රව්‍ය ආනයනය කිරිම පුරා තහනම් වෙන අතර අනෙකුත් අනවශ්‍ය භාණ්ඩද ආනයනය කිරීමට සිමාවන් පැනවීමට කටයුතු කෙරේ...අපනයනය වැඩි කිරිමටත් දේශීය අපනයන නිෂ්පාදන වැඩි වශයෙන් නිෂපාදනය කිරිමට දිරගැන්විම් කිරීම

27.රටේ ජීවත් වෙන සෑම ජාතියකටම සෑම ආගමකටම එකම නිතියක් විය යුතුයි.

28.පවුල් සංස්ථාව දෙදරා යන බැවින්ද දූ දරැවන් යහමගට ගැනීමට අපහසුවන බැවින් කාන්තාවන් ගෘහ සේවය සදහා මැදපෙරදිග සහ අනෙකුත් රටවලටයැවීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.දේශීය වශයෙන් කාන්තාවන් වෙනුවෙන් රැකියා ලබා දීමේ ක්‍රම වේදයන් අති කිරිමට කටයුතු කරනු ඇත..

29.රාජ්‍ය අංශයේ හෝ පුදගලික අංශයේ රාජකාරන් ඉටු කලද? නොකලද? ජේෂ්ඨ පුරවැසියන් සදහා විශ්‍රාම වැටුපක් ලබාදිමට ක්‍රියා කිරීම

30.වසර තිහකට ආසන්න කාලයක් රටේ පැවති කුරිරු යුධ වාතාවරණය කාලසීමාවේදී රට ජාතිය වෙනුවෙන් ආරක්ෂක හමුදාවට වසර දොළහක කාලයක් සේවය කරඇති එහෙත් විශ්‍රාම වැටුප් අහිමි සෑම රණවිරුවෙකුහටම විශ්‍රාම වැටුපක් ලබාදීම..එම රණවිරුවන් රණවිරුසේවා අධිකාරිය යටතට ඇතුලත් කොට සුභ සාධන කටයුතු ඉටු කිරිම මෙන්ම එම අයගේ දූ දරුවන්ට උසස් අධ්‍යාපන කටයුතු සදහා ආධාර උපකාර කිරිම සහ සියලුම රණවිරුවන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම.

31.යම් පුද්ගලයෙක් කණ්ඩායමක් හෝ ආයතනයක් විසින් මහජනතාවට අයත් රජයේ මුදල් හොරකමින් හෝ වංචා සහගත ලෙසන් ලබාගැනීම උපයා ගැනීම කර ඇති බවට නිතියෙන සනාථ වුව හොත් ඔහුගේ එම මුදල මෙන්ම නිශ්චල හා චංචල දේපල සියල්ලම රාජසංතක වන අතර එවා දුප්පත මහජනතාව අතරේ බෙදා දීමට කටයුතු කරනු ඇත.

32.රටේ ජිවත් වෙන තරුණ තරුණියන්ගේ රැකියා විරහිතභාවය තුරන් කිරීම සදහා කර්මාන්ත මෙන්ම රැකියාවන් උත්පාදනය කරනු ලබන ව්‍යාපෘතීන් සැලසුම් කර රැකියා විරහිත භාවය තුරන් කිරීම.. ඒ සදහා පෙෘද්ගලික අංශය දිරිමත් කිරීම මෙන්ම රැකියා විරහිත උපාධිධාරින් වෙනුවෙන් රජයේ හෝ පෙෘද්ගලික අංශයේ රැකියාවන් ලබා දීමටත් ඒ සදහා නියමිත වැටුප් තලයක පිහිටුවීමටත් කටයුතු කරනු ඇත..සෑම අයෙකුම එක් එක් දේශපාලකයින්ගේ අතකොලු නොවෙමින් යහපත් පුරවැසියන් සේ රටට දැයට යහපත් සේවයක් සලසමින් දිවි ගෙවීම පිණීස සුදුසු වට පිටාවක් සකස් කිරීම.

33.ශ්‍රී ලංකාව වටා ඇති ගොඩබිම මුහුද විසින් විශාල වශයෙන් ඛාදනය වීමට ලක්වෙන බැවින් එම ස්ථානයන් නිසි අයුරින් සකස් කිරීම පිණිස මහ මුහුදින් වැලි පොම්පකර එම ස්ථානයන් නිසි අයුරින් සකස් කිරීම හෝ වෙනත් රටවල් විසින් අප රට තුල කරනු ලබන රටේ සංවර්ධන කටයුතු වන අධිවේගී මාර්ගයන් නව නගර ගොඩ කිරීම ඇතුලත් කිසිදු ගොඩ කිරීමකට මුහුදින් වැලි පොම්ප කිරීම සපුරා තහනම් වෙනු ඇත.එයට ප්‍රධානම හේතුන් වන්නේ මුහුදුන් එම ලබා ගන්නා වැලි තොගයම නැවතත් මහ මුහුද විසින් ලංකාව අවට ගොඩබිම ඛාදනය කරමින් හෝ ලබා ගැනීමට කටයුතු සිදු කිරීම විශ්වයේ නිතියකි.වැලි ලබාගත් ස්ථානය නිසි අයුරින් පුරවා ගන්නා තෙක් ගොඩබිම මුහුදට ඛාදනය වෙනු ඇත.උදා හරහණයක් වශයෙන් කොළඹ නගරයේ ඉදිකරනු ලබන කොළඹ නගරය අක්කර 600 කටත් වැඩිවෙන බැවින් එම අක්කර 600 ලංකාවේ කොළඹ සිට ගාල්ල දක්වා මහ මුහුද විසින් ගිලගනු ඇත..එසේම මෙයට වසර දහස් ගනනකට කලින් ගිලුන නැව්වල මෙන්ම නගරයන්හි වටිනා වශ්තුව මහ මුහුදේ ඇති මුතු වටිනා ගල්පර මෙන්ම සම්පත් මුහුදින් වැලි පොම්ප කිරිමේදී නැව තුලට පොම්ප කර ගැනීමේ හැකියාවක් ඇති බැවිනි..මෙය සත්‍යයක් වුවද උපකල්පනයක් යැයි සිතුවද කෙසේවත් මුහුදින් වැලි පොම්ප කිරීම සපුරා තහනම් වෙනු ඇත..

34.රට සංවර්ධනය කිරීමේ මුවාවෙන් හෝ රටේ හෙළ ඉතිහාසය මකා දැමීමේ පරමාර්තයෙන් රටේ ඇති වටිනා වශ්තුව මංකොල්ල කෑමේ පරමාර්ථයෙන් ෙඓතිහාසික ස්ථානයන් මංකොල්ල කැමේ පරමාර්ථයෙන් විදේශීය.රටවලින් ආධාර සහන මත හෝ නොමිලයේ ලබා දෙනු ලබන කිසිදු සංවර්ධන කටයුත්තක් ඉටු නොකල යුතුයි.ඒවා කොපමණ වීශාල මුදලක් වුවත් වටිනා කමින් ඉහල වුවත් එම සංවර්ධන කටයුතු කිසි විටකත් ඉටු නොකරනු ඇත...එසේ ඉටු කරන්නේ ඇයිද යන්න මහජනතාවට තේරුම් කර දීමටද කටයුතු කරනු ඇත..

35.විදේශීය රටවල් වෙතින් අප රටට ආවේණීක දේශීය ශාකයන් සතුන් කෘමීන් ඇතුලත් බොහෝ ගනනකට පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇති බැව් නිරික්ෂණය වි ඇති බැවින් මින් පසු කිසිදු අවශ්ථාවකදී කිසිදු ශාඛයක් කෘමින් හෝ සතුන් විදේශීය රටවල් වෙත ගෙනයාම සපුරා තහනම් වේ..එසේ රැගෙන යන්නේ නම් ඒ සදහා ශ්‍රී ලංකාවට එය අයත් බවට පේටන්ට් බලපතක් හිමිනම් පමණක් වනු ඇත.මෙයද යම් යම් අයවලුන් විසින් උපකල්පනයක් සේ හැදිනවීමට හැකි වුවත් එය උපකල්පනයක් වුවත් සත්‍යක් වුවත් එසේ රැගෙන යාම සපුරා තහනම් වෙනු ඇත.. එසේ ගෙස් අසු වන්නේ නම් කිසිදු සමාවක් නොලැබෙන බරපතල දඩුවම් වලට ලක්විමටත් සිදුවෙනු ඇති වරදක් සේ සලකනු ලැබේ.

36.රටේ පවතින අක්‍රමවත් ගමනා ගමන පද්ධතිය නිසි අයුරින් පවත්වාගෙන යාමට වැඩ පිලිවෙලවල් සකස් කරනු ලබන අතර රටේ ලෙඩ රෝගයන් බො නොවන ලෙසින් සෙෘඛ්‍යය අංශය සවිමත් කිරීම.හෙළ වෙදකම සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවටද බටහිර වෛද්‍ය විද්‍යාව මෙන් එයට භාධාවක් නොවන පරිදි රටේ නිසි ස්ථානයක් ලබා දෙමින් මහජනතාව නිරෝගීව සිටිමට අවසි කටයුතු සැලසීම....

37.ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව ආගමික නායකයින් සදහන් කල අයුරින් ඒ අනුව යමින් තම මනස දියුණූ කර ගනිමින් හා අධ්‍යාත්මය දියුණූ කර ගන්නා ලද පිරිසක් මෙම දිවයින තුල වර්තමානයේ දිවි ගෙවන බැවින් රටේ සංවර්ධනයට මහජනතාවගේ ආකල්පයන් වැඩි දියුණූ කිරීම පිණීස එම අයවලුන්ගේ උපදෙස් අනුශාසනා ලබා ගත යුතු අතර රටේ ජන නායකයාද මනස දියුණූවට පත් අධ්‍යාත්මික අතින් උසස් අයෙකු විය යුතුයි.

38.ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා අවශ්‍ය වන සෑම වැදගත් කරුණූ වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තීන් සකස් කරනු ඇත.ඒම ජාතික ප්‍රතිපත්තීන් කලින් කලට පත්වෙන දේශපාලන පක්ෂයන්ට දේශපාලන පක්ෂ නායකයන්ගේ අභිමතය පරිදි වෙනස් කල නොහැකි ජාතික ප්‍රතිපත්තීන් සකස් කරනු ඇත.

රටේ සංවර්ධනයට මගේ දායකත්වය" www.srilankaelle.com වෙබ් පිටුවේ නවතම වැඩසටහන අපේ සිහින පාර්ලිමේන්තුව "Our Dream Parliament"රට සංවර්ධනය කරනු ලබන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය.සිහින සත්‍යයක් වෙන බව අමතක කරන්න එපා..යු ටියුබ් Sri Lanka Elle වෙතින් සම්පූර්ණ විස්තරය අසන්න පුලුවන්...සිහින කියන්නේ නිදාගෙන ඉන්න විට පෙනෙන සිහින නෙමෙයි..තමන් ජීවත් වෙලා ඉන්න කාලේ ජීවිතය පවත්වාගෙන යාමට දකින සිහිනයි...ඒවා සාර්ථක වේ...විශ්වයේ නිතිය එයයි.එස් ජේ සිල්වා සංස්කාරක එල්ලය පුවත් සහ වෙබ් පිටු..
dfffffffffffff

දේශපාලන වේදිකාවට ගෙන ඒම

Click here See Related page
       අපේ ඉදිරි ප්‍රතිපත්ති සම්පූර්ණ විස්තර බලන්න


 
ජීව බලය එළවලු,පළතුරු,>>
ජීව බලය ඇති ගස්වැල්,එළවලු,පළතුරු,>>
 
 
 
 
 

විස්තර බලන්න See >>

 
 
 
 
 
 
 
 
 
 
විස්තර බලන්න See >>
 

එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව

ප්‍රධාන පුවත්
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
අපේ සිහින පාර්ලිමේනතුව Our Dream Parliament.
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලනයට
රට සංවර්ධනය කරනු ලබන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කර කොරෝනා වෛරසයෙන් බේරෙන්න කැනගන් පිරිසිදු ජලය බොන්න
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
 
කැන්ගන් ජල අයණිකාරකය
 
සමස්ත ලංකා කන්ගන් ජල චිකිත්සක සංගමයේ නිළධාරී මණ්ඩලය 2019
 
  See more Details බලන්න තවත්
එල්ලේ කණ්ඩායම ලෝගෝ
>
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්
එල්ලේ ක්‍රීඩාවේ පුවත්
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න

 

සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact
https://plus.google.com/106054590476023516301/posts
 

Sport Of Sri Lanka Elle

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Therapies     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

https://plus.google.com/106054590476023516301/posts

                                Copy write 2013 © Ellaya Ads By Sri Lanka Elle (එස්ජේ)                                                                                  

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact

 

 

 

....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life...ලගදීම නවකථාවක් ලෙසින් ............ඔබ අතට ලබා දීම ,,,,,,,,,,,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි...........
...දුක් කම් කටොළු ....සහ.. අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ...True story of my life.....ලගදීම නවකථාවක් ලෙසින් ...ඔබ අතට ලබා දීම ,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි............