Ellaya Paper 56/B,Thibbotugoda,Ganemulla,Sri Lanka Our Vilage and my Vedios     www.srilankaelle.com
මුල් පිටුව ප්‍රාදේශිය පුවත් විශේෂාංග ක්‍රීඩා පුවත් කතුවැකිය දැන්වීම් වීඩියෝ අමතන්න
https://plus.google.com/106054590476023516301/posts
සරත් ෆොන්සේකා: "අනුගාමිකයන් ධෛර්යමත් කළ හැකි නායකයෙක් බිහි වී තිබෙනවා"

ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාර මාලාව සුළුවෙන් තැකිය නොහැකි බව හිටපු හමුදාපතිව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පෙන්වා දෙයි. ඔහු ඒ බව කියා සිටියේ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරීත්වය උදාහරණ වශයෙන් ගෙනහැර දක්වමිනි.

එල්ටීටීඊ සංවිධානයේ අරමුණු සහ ප්‍රහාර එල්ල කළ බව පැවසෙන ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමේ අරමුණු එකිනෙකට වෙනස් බව ද හිටපු හමුදාපතිවරයා සඳහන් කළේය. එල්ටීටීඊ සංවිධානය බෙදුම්වාදය වෙනුවෙන් සටන් වැදුණු බව පවසන ඔහු අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමේ අරමුණ වන්නේ ප්‍රහාර එල්ල කොට සිය ආගම සම්බන්ධයෙන් යම් ප්‍රතිරූපයක් මවා ගැනීම බව කියා සිටී.

මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කිරීම සඳහා එල්ටීටීඊ සංවිධානයට වසර දොළහක් පමණ ගත වුවත් ඉස්ලාමීය කණ්ඩායම ත්‍රස්තවාදය ආරම්භ කර ඇත්තේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම එල්ටීටීඊ සංවිධානයට ජාත්‍යන්තර වශයෙන් සහාය ලැබුණ ද "ඉස්ලාමීය අන්තවාදයට" ජාත්‍යන්තර සහාය නොලැබෙන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පෙන්වා දෙයි.

රටේ ආරක්ෂාව සහ අනාගතය

ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නැවතත් අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව හිටපු හමුදාපතිවරයා කියා සිටියේ එල්ටීටීඊ සංවිධානය සහ ශ්‍රී ලංකා හමුදා අතර යුද ගැටුම් පැවති වකවානුවේ දකුණේ ජනයා මුහුණ දුන් අත්දැකීම් ගෙනහැර දක්වමිනි.

"එළියට ගිහාම ආපහු එන්න වෙයිද දන්නේ නැහැ. අම්මයි තාත්තයි වාහන දෙකක වැඩට යන්න ඕනි. දරුවෝ දෙන්නා එක වාහනේ ඉස්කෝලේ අරින්නේ නැහැ. ආරක්ෂක කපොලු අරින්න වේවි. සාක්කු, කලිසන් ඔක්කොම අතපත ගාලා චෙක් කරන්න වේවි. ඒවායින් හිරිහැර වේවි. රැවුලක් වවාගෙන ඉන්න තරුණයෙක් දැක්කොත් මුස්ලිම් තරුණයෙක් කියලා අල්ලාගෙන ප්‍රශ්න කරන්න පටන් ගනීවි." යනුවෙන් ඔහු කියා සිටියේය.

"රටේ ආර්ථිකය කඩන් වැටෙනවා. ආයෝජන එන එකක් නැහැ. ආණ්ඩුවට විතරක් නෙවෙයි මෙය බලපාන්නේ. මේක විසඳුනේ නැතිනම් තමුන්නාන්සේලාගේ රජයක් ආවත් මේ ප්‍රශ්නයට මේ ආකාරයටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා."

"ආරක්ෂාව නැති තැන ආර්ථිකයක් නැහැ"

එල්ටීටීඊ සංවිධානය සමග පැවති යුද්ධය අවසන් වුව ද එතැන් පටන් බලයේ සිටි සහ බලයේ සිටින ආණ්ඩු ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත් බව හිටපු හමුදාපතිවරයාගේ අදහසය.

සාමාන්‍ය ජනතාව නිදහස භුක්ති වින්ද ද ඉන් එහා ගිය වගකීමක් දේශපාලනඥයන් සහ හමුදා ප්‍රධානීන් වෙත පැවරුණු බව ඔහු කියා සිටී.

"රට ආරක්ෂා කරනවා කියන එක ත්‍රස්තවාදයක් එනකම් ඉඳලා නෙමෙයි දේශපාලනඥයන්ටයි හමුදා නිලධාරීන්ටයි තේරෙන්න ඕනි. ඒ වගකීම යුද්ධයක් තිබුණත් නැතත් තියෙනවා. ඒ වගකීම අපි ඉෂ්ඨ කළේ නැහැ. වර්තමාන ලෝකය ගත් විට අවදානමක් මතු විය හැකි බව අපි බරපතලව ගත්තේ නැහැ,"

"රටක ආරක්ෂාව කියන්නේ ප්‍රමුඛත්වය එක. ආර්ථිකය කියන්නේ ප්‍රමුඛත්වය දෙක. ඒකට හේතුව තමයි ආරක්ෂාව නැති තැන ආර්ථිකයක් ගොඩ නගන්න බැහැ."

පූර්ව දැනුම් දීම්

ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විදේශීය සහ ජාතික බුද්ධි සේවා කළ අනතුරු ඇඟවීම් පිළිබඳ නිසි අවධානය යොමු නොවීම ඔහුගේ විවේචනයට ලක් විය.

ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් ජාතික බුද්ධි ප්‍රධානියා විසින් පොලිස්පතිවරයාට එවන ලද ලිපිය අනිවාර්යයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ද යොමු වන බව හිටපු හමුදාපතිවරයා පෙන්වා දෙයි.

"මේ ලියුම ගැන ක්‍රියාත්මක වුණේ නැහැ කියලා පොලිස්පති අල්ලන් කන්න කියන එක හරිද?, ජනාධිපතිට එහි පිටපතක් ගිහින් නැතිනම් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක නොයන්න හේතුවක් නැහැ. ආරක්ෂක කවුන්සිලය සුමානෙට සැරයක් තිබුණා නම් මේ ගැන කතා කරන්න තිබුණා. මේ වගේ ලියුමක් ආවම ආරක්ෂක කවුන්සිලය වහා කැඳවිය යුතුයි."

"පොලිස්පති ගෙදර ඇරියා කියලා මේ ප්‍රශ්නයට විසඳුමක් එන්නේ නැහැ. මේකට වගකිවයුත්තෝ මීට වඩා ඉහලින් ඉන්නවා."

යුද්ධයෙන් පසු බුද්ධි අංශ

යුද්ධය නිමවීමෙන් පසු "බයිනේත්තුවලට තිත තබා" බුද්ධි අංශ ශක්තිමත් කළ යුතු බව එවක පැවති ආණ්ඩුවට පෙන්වා දුන් බවත් හිටපු හමුදාපතිවරයා සඳහන් කළේය.

"බුද්ධි අංශවලින් තමයි රටක ආරක්ෂාව තහවුරු කරන්නේ. ඒක දිගින් දිගටම වුනා කියලා මම සිතන්නේ නැහැ. යුද්ධය වෙලාවේ තිබුණ බුද්ධි අංශ තාම තියනවා. ඒවා ටික ටික පිරිහිලා ඇති. ඒවායේ ශක්තිය ගොඩනගන්න ක්‍රියාදාමයක් තිබිය යුතුයි,"

"මේ අද තිබෙන තත්ත්වයට පසුගිය අවුරුදු දහයේම තිබුණ ආණ්ඩු වගකිව යුතුයි. මොකද මේ වගේ ත්‍රස්තවාදයක් අවුරුද්දෙන් දෙකෙන් හදන්න බැහැ. එල්ටීටීඊ එක රන්ජන් විජේරත්නට මරාගෙන මැරෙන බෝම්බයක් ගහන්න අවුරුදු දොළහක් ගියා. ඒ නිසා මේක අඩු ගානේ අවුරුදු හත අටක වැඩක්. මෙතන ඉන්න මැරිච්ච හතර පස් දෙනා විතරක් නොවෙයි. තව තුන් හාරසීයක්වත් ඇති. ඒ වගේ නායකයෙක් හැදිලා තියෙනවා. ප්‍රභාකරන් වගේ නායකයෙක් හැදිලා තියෙනවා. ඒ වගේ අනුගාමිකයන් ධෛර්යමත් කරන්න පුලුවන් නායකයෙක් හැදිලා තියෙනවා"

ආරක්ෂක කවුන්සිලය, ආරක්ෂක ලේකම් රාජකාරිය පැහැර හැර ඇති බව හිටපු හමුදාපතිවරයා පවසයි.

"වෙන රටවලනම් රොත්ත පිටින් ඉල්ලා අස්වෙනවා. නමුත් අපේ රටේ සාමාන්‍යයෙන් එහෙම දේවල් වෙන්නේ නැහැ."

"අගමැති ඇයි නිකන් හිටියේ?"

අගමැතිවරයා ආරක්ෂක කවුන්සිලයට කැඳවා නොතිබීම ගැන ද ඔහු අදහස් පළ කළේය.

"මේක රටක් ද?, මේකේ ආණ්ඩුවක් තිබෙනවාද?, ඒවා ව්‍යවස්ථානුකූල දේවල්." යනුවෙන් කී හිටපු හමුදාපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආරක්ෂක කවුන්සිලයේ අසුන් ගැනීම විවේචනයට ලක් කළේය.

එමෙන්ම ආරක්ෂක කවුන්සිලයට කැඳවුයේ නැතත් ඒ සම්බන්ධයෙන් හඬ නොනැගුවේ ඇයි දැයි හිටපු හමුදාපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කළේය.

"මම අගමැතිතුමාට ගරු කරනවා. නමුත් ඔබතුමාට ක්‍රියාත්මක වෙන්න තිබ්බා. පාර්ලිමේන්තුවේ කියන්න තිබ්බා. නැතිනම් අගමැති විදිහට ඔබතුමා කොහොමද යුතුකම ඉටු කරන්නේ?" යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා වැඩිදුරටත් කියා සිටියේය.


එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව

ප්‍රධාන පුවත්
  See more Details බලන්න තවත්
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න

 

       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact
https://plus.google.com/106054590476023516301/posts
 

Sport Of Sri Lanka Elle

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Therapies     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

https://plus.google.com/106054590476023516301/posts

                                Copy write 2013 © Ellaya Ads By Sri Lanka Elle (එස්ජේ)                                                                                  

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact

 

 

 

....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life...ලගදීම නවකථාවක් ලෙසින් ............ඔබ අතට ලබා දීම ,,,,,,,,,,,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි...........
...දුක් කම් කටොළු ....සහ.. අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ...True story of my life.....ලගදීම නවකථාවක් ලෙසින් ...ඔබ අතට ලබා දීම ,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි............