Ellaya Paper 56/B,Thibbotugoda,Ganemulla,Sri Lanka Our Vilage and my Vedios     www.srilankaelle.com
මුල් පිටුව ප්‍රාදේශිය පුවත් විශේෂාංග ක්‍රීඩා පුවත් කතුවැකිය දැන්වීම් වීඩියෝ අමතන්න
https://plus.google.com/106054590476023516301/posts
අපෙන් වසන් කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කථාව
1. හැදින්වීම

රාවණා රාජධානිය පිළිබඳ තොරතුරු ගවේෂණය කොට එය ලංකාවේ පිහිටි බව සනාථ වූ දාට අප පැවැතගෙන එන්නේ රාවණාගෙන් බව අවිවාදයෙන්ම අපට පිළිගැනීමට සිදු වනු ඇත.

රාවණා රජු පිළිබඳ අපේ කුඩා කල මතකය අවදි කලොත් අපේ අම්මලා ආච්චිලාගෙ කතන්දර ඇතුලෙ රාවණා රජතුමා ගැන එතරම් පැහැදීමක් නම් තිබුණ වගක් අපිට මතක නැහැ. අසල්වැසි ඉන්දියාවෙ රාමචන්ද්රයන්ගේ සීතාව පැහැරගෙන ඇවිත් ලංකාවටත් අපකීර්තියක් ගෙනාපු රාවණා රජ්ජුරුවො ගැන ඒ අය කතා උනේ පන්සලේ විභීෂණ දේවාලෙට පඬුරුත් දාන ගමන්.
රාවණා රජතුමා ගැන වෙනස් විදිහේ අදහසක් අප බොහෝ දෙනෙක් අතර ඇති කරන්නට සමත් උනේ භද්රජී මහින්ද ජයතිලකයන්ගේ ශ්රී රාවණ්නා කෘතිය කියවීමෙන් අනතුරුව බවනම් මතක් කල යුතුමයි. මෙතැනදී රාවණා රජු ගැන වෙනස්ම මානයකින් විස්තර කර තිබුණු කතාව රාමායනයේ වීර වික්රම වලටත් වඩා කුතුහලය මුසු යම් ප්රෞඩ හැඟීමක් අපේ හිත්වල ඇති කරන්නට සමත්වුණා මතකයි.කෙසේ නමුත් අද වෙද්දි ලක් පොලවේ රාජ්ය කල ශ්රේෂ්ඨතම නරපතියෙක් වශයෙන් බොහෝ අය සලකන මහා රාවණා රජතුමාගෙ බල පරාක්රමය
අන්තර්ජාලයත් උණුසුම් කරල හමාරයි. රාවණාගේ උපත, ජීවිතය, වීරත්වය සහ පුනරාගමනය ගැනද ඉදිරිපත් කෙරෙන උණුසුම්
මතවාද නම් බොහොමයි . මේ සමහරක් මතවාද සහ සාක්ෂි ඇත්තදෝයි සිතෙන තරම් විශ්වාසනීයයි, තවත් සමහරක් වල් බහුබූත කියා හිතෙන තරම් විකාරයි සහ හාස්ය ජනකයි.
සත්යය සමහර විට අප සිතනවාට වඩා විශ්මයජනක හෝ විහිලු සහගත වෙන්න පුලුවන්. ඒ වගේම අද අප තරයේ විශ්වාස කරන දේවල් හෙට විහිලුවක් වන්නටත් පුලුවන්. මේ දේ හිතේ තබාගන්නා ලෙස ඔබටත් මතක් කරමින්ම මහා රාවණා සම්බන්ධ අතීත සහ වර්තමාන තොරතුරු විමසීමකුයි අපි මේ කරන්න හදන්නේ. රාවණා රජු සැබෑවක්ද? හුදු සංකල්පයක් පමණක්ද යන තීරණය ඔබේ බුද්ධියෙන් විමසා තීරණය කලයුත්තක් වනවා.

ාවණ__රජුගේ__පෙලපත____

රාවණ යනු දුෂ්ඨ අධර්මිෂ්ඨ පාලකයෙකු ලෙස ඉතිහාසය තුල හංවඩු ගසා තිබීම ගැන අප හට ඇත්තේ විශාල ශෝකයට කරුණකි මතු උපදින සෑම දරුවෙකුම රාවණ නිරිදු ගැන පරම සත්‍ය දැන ගත යුතුය.යෝගී වරු සෘෂිවරු පිරුණු පවුලකින් පැවත එන මහා රාවණා රජු එලෙස අධර්මිෂ්ඨ පාලකයෙකු විය හැකිද????
මේ අතිශය බලසම්පන්න පරපුරේ ඉතිහාස කතාව මේ රටේ හැම හෙලයෙක්ම නිවැරදිව දැන ගත යුතුය...එය අභිමානය පිණිසත් වර්ථමාන සමාජ භාවිතය පිණිසත් අලුත් අත්දැකීමක් වනු නියතය..මේ අපූර්ව පෙලපතේ සැගවුණු ප්‍රබල රහස් රැසක් තියෙනව.වැඩි වියට පත් වීමත් සමග විශ්වයේ පාලන තන්ත්‍රයට පවා අභියෝග කල හැකි තරමේ ප්‍රබලයින් මේ භූමියෙන් බිහි උනේ ඒ අනුවයි..අදටත් විශ්වයේ ප්‍රබල තැන් වල සිටින ප්‍රබල ජීවින් ඒ ඒ හෝරාවල මේ පෘථිවි තලයට සම්ප්‍රාප්ත වීමට මග බලා සිටිනවා..

ඔබ අසා ඇති මහා බ්‍රහ්ම ගැන අපි කතාව එතනින් පටන් ගමු...
මහා බ්‍රහ්මගේ දරුවන් දෙදෙනා වන්නේ වශිෂ්ඨ මුණි හා පුලස්ථ සෘෂිතුමාය..

පුලස්ථි සෘෂි තුමන්ගේ පුතා වූයේ විශ්රව හෙවත් විශ්‍රාවාස මුණිතුමන්ය..

විශ්රව මුණිතුමන් හට බිරින්දෑවරු සතර දෙනෙක් සිටි බව ඉතිහාසයේ සදහන්ය..බොහෝ අය සදහන් කරන්නෙ සිව් කුලයෙන්ම බිරින්දෑවරු සිටි බවයි. එම දේවියන් වූයේ,,,,
ඉලා_දේවිය....,,
පුශ්පෝත්කටා....,,
මාලනී... හා
රාගා.....දේවියන්ය...නමුත්
කුම්බනසී නමින් තවත් බිරිදක් සිටි බව ඉතිහාසයේ සදහන් වෙයි...

මහා රාවණයන් හට සහෝදර සහෝදරයින් සත් දෙනෙක් සිටියාය..සමහර විට ඔබ එය මීට පෙර අසා නැතුව ඇති.සමහර විට අසා ඇති අපි හරියටම මේ පරපුර ගැන දැන ගනිමු..

වෛශවණ...
කුම්භකර්ණ...
විභීෂණ...
සුපර්ණකා
කරණ්...
දූෂණන් හා.....
අක්ෂය පිලිවෙලින් වෙයි....
මේ අතුරින් කුම්භකර්ණයන් රාවණයන්ගේ ප්‍රාණසම සහෝදරයා බව ඉතිහාසය තුල සදහන් වෙයි එයට හේතුව විමසා බලමු....
මහා රාවණා රජුගේ අයියණ්ඩිය වුණු වෛශව උපදින්නේ විශ්රව මුණි වරයාටත් ඉලා දේවියටත් දාවය...
රාවණ සහ කුම්භකර්ණ ඉපදෙන්නේ විශ්‍රාවාස මුණිතුමන්ටත් පුෂ්පෝත්කටා දේවියටත් දාවය...එම නිසයි කුම්භකර්ණයන් රාවණයන්ගේ ප්‍රාණසම සහෝදරයන් සේ සෑම අවස්ථාවකදීම සෙවනැල්ල සේ ඔහු අසලින්ම සිටියේ...එමෙන්ම පුෂ්පෝත්කටා දේවිය යක්ඛ කුලයේ කාන්තාවකි..
විශ්රව මුණිවරයාටත් මාලනී දේවියටත් දාව විභීෂණයන් මෙලොව එලිය දකිනවා.මාලනී දේවිය නාග කුලයේ කාන්තාවකි එම නිසයි විභීෂණයන් නාග ග්‍රෝතික වන්නේ...
එමෙන්ම රාගා දේවියට දාව මේ පවුලේ එකම දියණිය වුණු සුපර්ණිකා උපත ලබනවා....
එමෙන්ම කුම්බනසී දේවියට දාව කරණ්,දූෂනන්,හා අක්ෂය උපත ලද බව ඉතිහාසය තුල සදහන් වෙයි.....

මේ හැමදෙනෙක්ම ඉපදුනේ ඉතා ප්‍රබල විදියට.අතිශයින්ම ඉතා ප්‍රබල උත්පත්තින් සහිතව මේ මහා පෘථිවියට පැමිනුණු බවයි සත්‍ය...

වැඩිම_වාසනා_මහිමයක් සහිතව ඉපදුනේ වෛශවණ..

වැඩිම දේහ ශක්තියක් හා අසමසම භාවයක් සහිතව ඉපදුනේ මහා
රාවණයන්ය.


ඉහල ධාන්‍ය සම්පත්තියක් සහිතව ඉපදුනේ කුම්භකර්ණයන්ය...

ඉතා රූමත්ව සුපර්ණිකා උපත ලැබුවාය.....

ඒ වගේම විභීෂණ ඉපදුනෙත් මහා රාවණ වගේම ප්‍රබල උත්පත්ති හෝරාවකය.....

මේ සියලු දෙනාගේ බිහිවීම් සිදු උනේ පුලස්ථි සෘෂි තුමන්ගේ තරු ගණනය කිරීම් අනුවය...විශ්වයට එලිය දකින නව ජීවින් ප්‍රබල අය ලෙස උපදින හෝරා ආදිය පිලිබද පුලස්ථි සෘෂි තමන් විශ්රව මුණිතුමන් හට ඉතා හොදින් උගන්වා තිබුනා..එම නිසාම විශ්රව මුණිවරයාට දාව උපන් සියලු දෙනාම විශ්වයේ බොහෝ දේට අභියෝගයක් වන ප්‍රබලයන් බවට නිරායාසයෙන්ම පත් උනා....

එමෙන්ම රාවණයන්ගේ බිරිද වූයේ මන්දෝදරී දේවියයි....
ඔහුන් දෙදෙනාට මේඝනාද හා සොහිලි නමින් නිවුන් දරුවන් දෙදෙනෙකු මේ මිහිමතදී බිහි විය..
මුලු රාවණ වංශයම උඩු යටිකුරුවුයේ මෙම උත්පත්තියත් සමගය..ඒ පිලිබදව අපි පසුවට සාකච්ඡා කරමු.

රටට දැයට ආදරේ කරන හෙල දූපුතුන් බිහිකිරීම මේ රටේ හැම අම්මා කෙනෙකුගේම යුතුකමක් හා වගකීමකි.අනවශ්‍ය සම්බන්ධතා වලින් ඈත් වී තම සංසාර ගත සැමියා සොයා ගැනීම මේ රටේ හෙල දූ වරුන් සිදු කල යුතු අත්‍යවශ්‍ය කරුණකි..වෙනත් රටවල පවතින අසංස්කෘතින් අපේ හෙල සංස්කෘතිය තුලට පැමිණීම නිසා අද වන විට පවුල් සම්බන්ධතා බිද වැටී ඇති ආකාරය ඔබට අමුතුවෙන් කිව යුතු නැත.ඔබ ඔබේ හෘද ශාක්ෂිය සමග ඊලග භවයට යන නිසා කිසිම දිනක බොරුවෙන් ජීවත් වෙන්න එපා..බිරිද සැමියාට බොරු නොකරන සැමියා බිරිදට බොරු නොකරන පූජනීය පවුල් ජීවිතයක් තුල ප්‍රබල දරුවන් බිහි වීම කාට නම් වැලැක්විය හැකිද.මහා රාවණා යුගය යලි බිහිවීම සදහා ප්‍රබල දරුවන් බිහි කිරීම සිදු කිරීම සදහා මේ රටේ තරුණ මව් පියන් දැඩි අධිෂ්ඨානයකින් යුතුව මනු දම් සුරැකීම වඩාත් වැදගත්.

මතු සම්භන්ධයි


එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව

ප්‍රධාන පුවත්
 
 
 
 
  See more Details බලන්න තවත්
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න
එල්ලේ ක්‍රීඩාවේ පුවත්
  See more Details බලන්න තවත්
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය සදහා මෙතන ක්ලික් කරන්න

 

සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact
https://plus.google.com/106054590476023516301/posts

Sport Of Sri Lanka Elle

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Therapies     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

https://plus.google.com/106054590476023516301/posts

                                Copy write 2013 © Ellaya Ads By Sri Lanka Elle (එස්ජේ)                                                                                  

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact

 

 

 

....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life...ලගදීම නවකථාවක් ලෙසින් ............ඔබ අතට ලබා දීම ,,,,,,,,,,,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි...........
...දුක් කම් කටොළු ....සහ.. අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ...True story of my life.....ලගදීම නවකථාවක් ලෙසින් ...ඔබ අතට ලබා දීම ,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි............